Home » සමස්ත ලංකා රජයේ පොදු සේවක සංගමයේ සභාපති එස්. ලෝගනාදන්
උතුරු නැඟෙනහිර පරිපාලන නිලධාරීන් ඇගයීමේ සූදානමක්

සමස්ත ලංකා රජයේ පොදු සේවක සංගමයේ සභාපති එස්. ලෝගනාදන්

by sachintha
February 26, 2024 1:08 am 0 comment

 

මේ රටේ සංවර්ධනයට උතුරු සහ නැඟෙනහිර පළාත්වල ජීවිත පරිත්‍යාගයෙන් පරිපාලන සේවය කළ නිලධාරීන්ට ගෞරව දැක්වීමට විශේෂ උත්සවයක් ඉදිරි කාලයේදී පැවැත්වීමට කටයුතු කරන බවත් පසුගිය දශක කිහිපයේ උතුරු නැඟෙනහිර පළාත්වල දරුණු යුද සටන් පැවති අවධියේ පරිපාලන සේවයේ යෙදෙමින් දැවැන්ත නායකත්වයක් දැක්වූ පරිපාලන සේවයේ විශ්‍රාමික නිලධාරීන් ඇතුළු වත්මන් නිලධාරීන් ඇගයීම ශිෂ්ට සම්පන්න සමාජයේ යුක්තිසහගත ක්‍රියාවක් බවත් සමස්ත ලංකා රජයේ පොදු සේවක සංගමයේ සභාපති එස්. ලෝගනාදන් මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ යෝජිත උපහාර වැඩසටහන ඉදිරි කාලයේදී කිලිනොච්චිය සමුපකාර ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිත බැවින් ඒ සම්බන්ධව නැඟෙනහිර පළාතේ ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමට පසුගියදා (23) අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

සමස්ත ලංකා රජයේ පොදු සේවක සංගමයට අනුබද්ධ සමස්ත ලංකා මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය උතුරු නැඟෙනහිර පළාත් ජීවෝදය සුබසාධක සංගමයෙන් මේ උපහාර උලෙළ සංවිධාන කරනු ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා මෙලෙස ද කීවේය.

“වසර තිහකට අධික කාලයක් යුද්ධයෙන් දැඩි ලෙස පීඩාවට පත් වෙමින් ත්‍රස්තවාදී බාධා මැඬගෙන ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ මේ නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයන් මේ සඳහා සම්බන්ධ කර ගැනීම යුතුකමක්. හිටපු ආණ්ඩුකාරවරුන්, ලේකම්වරුන් සහ දිවි පිදූ අයගේ ඥාතීන් ද මේ කටයුත්තට සහභාගි කර ගැනීමට අදහස් කරනවා. පරිත්‍යාගශීලි ව්‍යාපාරික ප්‍රජාවගේ ද සහාය ගැනීමට අපේක්ෂා කරනවා. ඒ අනුව දමිළ, සිංහල සහ මුස්ලිම් අයට ජාති භේදයකින් තොරව උපහාර පුද කිරීමට අදහස් කරනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT