Monday, April 28, 2025
Home » රජයේ නිවාස ව්‍යාපෘති ගණනාවක ගෙවල් හොරට විකුණලා විමර්ශන CIDයට

රජයේ නිවාස ව්‍යාපෘති ගණනාවක ගෙවල් හොරට විකුණලා විමර්ශන CIDයට

by sachintha
February 26, 2024 12:13 am 0 comment

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයට අයත් නාගරික සංවර්ධන අධිකාරියේ කොළඹ, ඇපල්වත්ත ඇතුළු නිවාස ව්‍යාපෘති කිහිපයක නිවාස ගණනාවක් ව්‍යාජ ලෙස විකුණා ඇති බවට පැමිණිලි රාශියක් අමාත්‍යාංශ මහජන දිනයේ දී ඇමැති ප්‍රසන්න රණතුංග මහතාට ලැබී ඇති බවත් ඒ සම්බන්ධව පැමිණිලි කර ඉදිරි පියවර ගැනීමට අදාළ පුද්ගලයන් අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ බවත් අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු සඳහන් කළේය.

මේ සම්බන්ධව ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා විසින් පොලිස්පතිවරයාවද දැනුවත් කර ඇති බව කී අමාත්‍යාංශ ප්‍රකාශකයා, අදාළ නිවාස කිසිවකුට නීත්‍යානුකූලව මෙතෙක් ලබා දී නොමැති නිවාස ගණනාවක යතුරු ව්‍යාජ ලෙස සකස් කර ව්‍යාජ ලියකියවිලි සාදා එම නිවාස විකුණා රුපියල් කෝටි 150ක පමණ මුදල් ලබාගෙන ඇති බවට අනාවරණය වී ඇති බව ද පැවැසීය. මේ සඳහා නිලධාරීන් කිසිවෙක් සම්බන්ද නොමැති බව ද ඔහු ප්‍රකාශ කළේය.

මෙවැනි සිදුවීම් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයට අයත් ආයතනවල තවත් නිවාස සංකීර්ණවල සිදුවී ඇත්දැයි යොයා බලමින් තිබෙන බව ද එම ප්‍රකාශකයා තව දුරටත් සඳහන් කළේය.

අමාත්‍යාංශය මෙම වංචාව සම්බන්ධව දැනුවත් වීමෙන් පසු ඒ පිළිබඳ ගත් ඉදිරි ක්‍රියා මාර්ග අනුව පොලිසිය අදාළ සිදුවීම් සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT