Home » පාර්ලිමේන්තු කමිටුවක් ඔස්සේ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට මහ බැංකුවේ සූදානමක්
මහ බැංකු සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම

පාර්ලිමේන්තු කමිටුවක් ඔස්සේ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට මහ බැංකුවේ සූදානමක්

by sachintha
February 26, 2024 12:15 am 0 comment

 

ශ්‍රී ලංකා මහ බැංකු සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කමිටුවක් ඔස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව දැනුවත් කිරීමට මහ බැංකුව සූදානම්වේ.

තමන්ගේ පවතින එම සූදානම පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (25) නිවේදනයක් නිකුත් කරමින් මෙසේද කියා සිටියේය.

ශ්‍රී ලංකා මහ බැංකු සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් පසුගිය පාර්ලිමේන්තු සැසිවාරවල දී මන්ත්‍රීවරු කිහිප දෙනෙක් සිදුකළ අදහස් දැක්වීම් සම්බන්ධයෙන් සිය අවධානය යොමුවූව තිබේ.

එම වැටුප් වැඩි කිරීම ශ්‍රී ලංකා මහ බැංකු පාලක මණ්ඩලයේ අනුමැතිය සහිතව වෘත්තිය සමිති හා එළැඹ ඇති එකඟතා ගිවිසුමට අනුකූලව සිදුකර ඇත.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා ලිඛිතව අවස්ථාව ඉල්ලන ලෙස පාලක මණ්ඩලය කළ දැනුම්දීම අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරන ජනාධිපතිවරයා වෙත 22 වනදා මහ බැංකු අධිපතිවරයා ලිපියක් යොමුකොට ඇත. එම අවස්ථාව ලැබුණු පසු සුදුසු පාර්ලිමේන්තු කමිටුවක් ඔස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව දැනුවත් කිරීමට මහ බැංකුව සූදානමින් පසුවන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT