136
මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවෙසක තාප්පයක් ඉදිකිරීමට අත්තිවාරම් කපමින් සිටි පුද්ගලයකු මතට පස් කන්දක් කඩා වැටීමෙන් එම පුද්ගලයා රෝහලට රැගෙනයන අතරතුර මියගොස් තිබෙන බව පොලිසිය පවසයි.
සිද්ධිය පෙරේදා (24) පස්වරු 5.00ට පමණ සිදුව ඇත. පස්වලට සම්පූර්ණයෙන් යටව සිටි පුද්ගලයා මහත් පරිශ්‍රමයක් දරා පිටතට ගැනීමට සිදු වූ බව ප්‍රදේශවාසීහු පවසති.
මරණයට පත්ව ඇත්තේ වෘත්තියෙන් පෙදරේරුවකු වන දිගන රජවැල්ලේ පදිංචිව සිටි ඊ.එම්.පී.ඩබ්ලිව්. ඒකනායක නමැති 49 හැවිරිදි පුද්ගලයෙකි. මහනුවර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
අසේල කුරුළුවංශ