ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බෝගස්වැව , ප්‍රදේශයේ වන සංරක්ෂණ කැලෑවක් ආසන්නයේ තිබී මියගිය වල් අලියෙකු ගේ මළ සිරුරක් සොයා ගත් බව මීගලෑව වනජීවි කාර්යාලය සඳහන් කරයි.
මිය ගිය මෙම වල් අලියාගේ මරණය දින දෙකකට පමණ පෙර සිදු වන්නට ඇති බවට සැක කෙරෙන බවද මරණයට හේතුව සොයා ගැනීම සඳහා සිරුර පිළිබඳව වූ හදිසි මරණ පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතව ඇති බවද මීගලෑව වනජීවි කාර්යාලය සඳහන් කරයි .
අඩි පහක් පමණ උසැති ,වයස අවරුදු දහයක් පමණ වූ මෙම පිරිමි වල් අලියාගේ මරණය පිළිබඳව වූ හදිසි මරණ පරීක්ෂණය නිකවැරටිය වනජීවි පශු වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ මහතා විසින් අද (26 ) සිදු කිරීමට නියමිතව ඇති බවද මීගලෑව වනජීවි කාර්යාලය වැඩිදුරටත් සඳහන් කලේය
මීගලෑව වනජීවි කාර්යාලයේ ප්‍රධානී වන සත්ව අඩවි ආරක්ෂක 01 අයි.එම්.ජී. සෙනවිරත්න මහතාගේ උපදෙස් අනුව නිලධාරීන් විසින් සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.