Home » රැජින සෙල්වනායගම් මියගොස් මාස 04න් සැමියත් මිය යයි

රැජින සෙල්වනායගම් මියගොස් මාස 04න් සැමියත් මිය යයි

by chanaka
February 26, 2024 4:34 pm 0 comment

වත්තල, උස්වැටකෙයියාව ප්‍රදේශයේ ප්‍රසිද්ධ සමාජ සේවකයකු සහ දානපතියකු වූ ව්‍යාපාරික හරින්දු රොද්‍රිගු මහතා අභාවප්‍රාප්ත විය.

මියගිය රොද්‍රිගු මහතා, ජාත්‍යන්තර කීර්තියට පත් නැටුම් ආචාර්යවරියකව සිට මීට සිව් මසකට ඉහතදී මියගිය රැජිනි සෙල්වනායගම් මහත්මියගේ දයාබර සැමියාය.

ප්‍රවීණ නර්තන ආචාර්යවරිය වූ කලාශූරී, විශ්වකලා කීර්ති, රැජිණි සෙල්වනායගම් මහත්මිය පසුගිය ඔක්තෝබර් මසදී 71වැනි වියේදී දිවි සැරිය නිම කර තිබුනේ වසර හයහමාරක පමණ කාලයක සිට පෙනහළු පිළිකා රෝගය සමග සටන් කරමින් සිටියදීය.

මියගිය රොද්‍රිගු මහතාගේ දේහය වත්තල, උස්වැටකෙයියාව මානිල් නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු උස්වැටකෙයියාව ශාන්ත මරියා දේවස්ථාන සුසාන සුසාන භූමියේ දී අද (26) පස්වරු 3.00ට සිදු කෙරේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT