Saturday, May 10, 2025
Home » එදා රට බංකොලොත් වෙද්දී වගකීම භාර නොගත් අය අද ජනපතිවරණයේ ඇඳුම් ගැන අහනවා – එජාප උපනායක අකිල විරාජ් කාරියවසම්

එදා රට බංකොලොත් වෙද්දී වගකීම භාර නොගත් අය අද ජනපතිවරණයේ ඇඳුම් ගැන අහනවා – එජාප උපනායක අකිල විරාජ් කාරියවසම්

by sachintha
February 26, 2024 1:00 am 0 comment

දැන් ජනාධිපතිවරණයට ඇඳුම් මහගෙන ඉන්න කිසිම කෙනෙක් එදා රට බංකොලොත් වුණු අවස්ථාවේ පාර්ලිමේන්තුවේ හිටියත් වගකීම භාර ගත්තේ නෑ. වර්තමාන ජනාධිපතිතුමා බය නැතුව එතුමාගේ අත්දැකීම් එක්ක වැල් පාලමේ යම්තාක් දුරකට මේ රට එගොඩ කරගෙන තිබෙනවා. අවුරුදු එකහමාරක් ඇතුළත සාර්ථක ගමනක් යද්දී දැන් අනිත් අය එතන ඉඳන් අරන් යන්න අපට පුළුවන් කියලා කියනවා. අපට මේ විදිහට කරන්න පුළුවන් අප කරද්දි ඔහොම නෙමෙයි කියලා ගොඩක් කතා කියන අය දැන් බිහිවෙලා ඉන්න බව පේනවා යැයි එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා කෑගල්ල දිස්ත්‍රික් සම්මේලනය අමතමින් පෙරේදා (24) පැවසීය.

වැඩිදුරටත් අකිල විරාජ් මහතා මෙසේ ද කීය.

වර්තමාන ජනාධිපතිවරයාට 2001දී ජනමතයත් එක්ක ආණ්ඩු කරද්දි, 2004 වෙද්දි චන්ද්‍රිකා මැතිනියත් එක්ක එකතු වෙලා ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව ගෙදර යවන්න කටයුතු කළා. අද මහින්ද රාජපක්ෂට බැන්නට මහින්ද රාජපක්ෂ ජනාධිපති කරලා රනිල් වික්‍රමසිංහ පරාජය කරන්න කටයුතු කළේ ජනතා විමුක්ති පෙරමුණයි. 2015 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරන්නත් ජනතා විමුක්ති පෙරමුණ තමයි සහාය දුන්නේ. අද හොරු අල්ලන්නේ නෑ කියලා කෑගැහැව්වට 2015දී හොරු අල්ලන වැඩේ භාර දුන්නේ ජනතා විමුක්ති පෙරමුණට කියන එක හොඳට මතක තබාගත යුතුයි. ඒ ෆයිල් තාමත් තියෙන්නේ එයාල ගාවම තමයි. ඒක නිසා ලස්සන සුන්දර කතා කිවුවට වැඩේ කරන්න දුන්න වෙලාවට කවදාවත් කළේ නැහැ.

කම්කරු හා විදේශ රැකියා කටයුතු අමාත්‍ය මනූෂ නානායක්කාර,

අද අපේ තේමාව United National People කියලා වෙනස් කර තිබෙනවා. අප බෙදිලා හිටියේ එක්සත් ජාතික පාක්ෂිකයෝ විදිහටයි. අද අප එක්සත් ජාතික මිනිසුන් විදිහට එකතු විය යුතු කාලය එළැඹ තිබෙනවා. ඒ මතවාද තිබෙන අරමුණු තියෙන සියලු දෙනා එක තැනකට ගොනුවීම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්වෙලා තිබෙනවා. සජබයේ ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ මතවාදය තිබෙන අයයි. ගාමිණී දිසානායක මැතිතුමාලාගේ කාලෙ ඉඳන්ම එක්සත් ජාතික පක්ෂය විදිහට අප හයෙන් පහක බලයක් ගන්නකොට හිටපු සාමාජිකයෝ වෙනත් පක්ෂවලට බෙදිලා ගියා. එකඟතා ඇති සියලු දෙනා එකතු කරගෙන රට ගොඩනඟන්න පුළුවන්, වඩා හොඳ යහපත් දැක්මක් තිබෙන එකම නායකයා, දශක ගණනාවක් තිස්සේ එකම අරමුණකට එක ඉලක්කයක ඉඳගෙන කවදා හරි මේ රට ගොඩනඟනවා කියලා අධිෂ්ඨානය ඇති නායකයා වන රනිල් වික්‍රමසිංහ වටා, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, සජබ, ජවිපෙ සියලු දෙනා එක්සත් ජාතික මිනිසුන් විදිහට එක්විය යුතු වෙලාව පැමිණ තිබෙනවා. අද කෑගල්ලෙන් මුළු දෙන්නේ ඒ ජයග්‍රාහි ගමනේ ආරම්භයයි.

ශිරෝමි අබයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT