Home » ජර්මන් නැවක සේවයේ සිට අතුරුදන් වූ තරුණයා ගැන වාර්තාව ඉදිරි සතියේ

ජර්මන් නැවක සේවයේ සිට අතුරුදන් වූ තරුණයා ගැන වාර්තාව ඉදිරි සතියේ

by sachintha
February 26, 2024 1:00 am 0 comment

ජර්මනියට අයත් එම්. වී. සන්චුකා නෞකාවේ සේවය කරමින් සිටියදී අතුරුදන් වූ කළුතර, මිල්ලනිය, උඩුවර ප්‍රදේශයේ පදිංචිව සිටි චිරාත් සඳරු (21) නමැති ශ්‍රී ලාංකිකයා සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ඉදිරි සතියේ ලැබෙනු ඇතැයි වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුවේ, ඒ සම්බන්ධයෙන් මූලික වාර්තාවක් මේ වන විට ලැබී ඇති බවයි. මේ අතර, අතුරුදන් වූ එම ශ්‍රී ලාංකික තරුණයා සොයා ගැනීම සඳහා ජාත්‍යන්තර සහාය ලබා ගන්නා බව ජාතික වෙළෙඳ නාවිකයන්ගේ සංගමය පවසයි. එහි සභාපති පාලිත අතුකෝරාල මහතා පැවසුවේ අදාළ තරුණයා සොයා ගැනීම සඳහා අන්තර් ජාතික ප්‍රවාහකයන්ගේ සම්මේලනයෙන් ද සහාය ඉල්ලා ඇති බවයි. ඔහු එම්. වී. සන්චුකා නෞකාවේ සේවය සඳහා ගොස් ඇත්තේ, පසුගිය මස 2 වැනිදායි.

 

අලුත්ගම – තුසිත කුමාර ද සිල්වා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT