කළුතර දකුණ, උග්ගල්බොඩ ඓතිහාසික මල් අස්නේ රජමහා විහාරස්ථානයට අනුබද්ධිත, ශ්‍රී දේවානන්ද දහම් පාසලේ වාර්ෂිකව පැවැත්වෙන සිසු අභිමන් නායකත්ව නිල ලාංඡන පැලඳවීම උත්සවය පසුගියදා (18) දහවල් ගිහි පැවිදි විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අති උත්කර්ෂවත්ව පැවැත්විණි.
කළුතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය මුගුණවෙල අනුරුද්ධ නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවය, එම දහම් පාසලේ ප්‍රධානාචාර්ය සහ විහාරාධිපති ශාස්ත්‍රවේදී මොරොන්තුඩුවේ සෝභිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවති අතර, එම දහම් පාසලේ ශිෂ්‍ය නායක, පන්ති නායක, ප්‍රථමාධාර සහ මාධ්‍ය ඒකකයේ නායක නායිකාවන්ට නිල ලාංඡන සහ සහතික පත්‍ර පිරිනැමීම මෙහිදී කළුතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය මුගුණවෙල අනුරුද්ධ නාහිමියන්ගේ අතින් සිදුවූහ.
කළුතර මධ්‍යම විශේෂ