ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ, ආසන තරුණ බල මණ්ඩල සඳහා පත් කළ නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ඉකුත්දා කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ආසනයෙන් ආරම්භ විය.
ඒ අනුව මතුගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශ්‍රීපාල් වන්නිආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් මතුගම ආසනයේ තරුණ බල මණ්ඩලයේ නිලධාරී හමුව මතුගම නෑබඩ පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී පැවැත්විය.
ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති සජිත් මෙන්ඩිස්, වැඩ බලන ලේකම් තිළිණ ගයාන් මධුශංඛ, උප සභාපති සංජු චානක ලියනගේ යන මහත්වරුන් මේ අවස්ථාවට පැමිණි අතර පක්ෂයේ තරුණ ශක්තිය වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාව ඔවුන් මෙහිදී පෙන්වා දුන්හ.
මතුගම ආසන සංවිධායක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශ්‍රීපාල් වන්නිආරච්චි මහතා මෙහිදී අවධාරණය කළේ, එදා සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු, පංච මහා බලවේගයට රටක් ලෙස පණ දිය යුතු අතර, මෙදා තරුණ තරුණියන්ගේ පංච මහා බලවේගය බවට සමාජ මාධ්‍ය ප්‍රමුඛ තාක්ෂණය පත්ව ඇති බවයි. නව ලොවට ගැළපෙන පරිදි එය හසුරවමින් පාවෙන ඡන්ද ලබා ගැනීමේ එකම ක්‍රමවේදය තරුණ පෙරමුණේ ශක්තිය බවද වන්නිආරච්චි මහතා පෙන්වා දුන්නේය. මතුගම ආසන තරුණ බල මණ්ඩලයේ ලේකම් තේජානි ෂෙහානා ඇතුළු තරුණ පෙරමුණේ සෙසු නිලධාරීහු ද මීට එක්ව සිටියහ.
මීගහතැන්න සමූහ