155
යාපනය පොලිසියේ බීමත්ව පෙරේදා (25) රාත්‍රියේ කලහකාරී ලෙස හැසිරුණු පොලිස් සැරයන්වරු දෙදෙනෙකු එම පොලිසියේම සිර මැදිරියට දමා අගුළු ලෑමේ පුවතක් වාර්තා වේ.
මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා එදින රාත්‍රියේ රාජකාරි වේලාව තුළ මෙලෙස බීමත්ව පොලිස් ස්ථානයේ සිට ඇති අතර, රාත්‍රියේ කලහකාරී ලෙස හැසිරීම නිසා ඔවුන් දෙදෙනා පාලනය කර ගැනීමේ ඇති අවශ්‍යතාව හේතුවෙන් අනෙකුත් පොලිස් නිලධාරීන් එක්ව පොලිස් සිර මැදිරිය තුළට දමා අගුළු දා තිබේ.
මේ වන විට මෙම පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදු කරන බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.