Saturday, May 10, 2025
Home » දරු තිදෙ­නෙක් සමඟ සිඟ­මන් යැදි කත අත්අ­ඩං­ගු­වට
පැයක සිඟ­මන් ආදා­යම රුපි­යල් විසි දහස පනී

දරු තිදෙ­නෙක් සමඟ සිඟ­මන් යැදි කත අත්අ­ඩං­ගු­වට

by Gayan Abeykoon
February 27, 2024 1:25 am 0 comment

සුභා­ෂිණී සේනා­නා­යක

හයි­ඩ්පාර්ක් කෝනර්හි පිහිටි ආර්පිකෝ ප්‍රද­ර්ශ­නා­ගා­රය අසල දරු­වන් තිදෙ­නෙක්  සමඟ සිඟ­මන් යදි­මින් සිටි වය­ස්ගත කාන්තාව පැය­කට රුපි­යල් විසි දහ­ස­කට අධික මුද­ලක් උපයා ඇතැයි  කොම්ප­ඤ්ඤ­වී­දිය පොලි­සිය කොටුව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඊයේ (26) වාර්තා කළේය.   කොම්ප­ඤ්ඤ­වී­දිය පොලි­සි­යට ලැබුණු තොර­තු­ර­කට අනුව සිදු කළ වැට­ලී­මක දී අත්අ­ඩං­ගු­වට ගත් එම සිඟ­මන් යදින කාන්තාව මීට පෙර දින­යක දී  ඇප මත මුදා හැරුණු  කාන්තාව සහ දරු­වන් දෙදෙනා අධි­ක­ර­ණයේ ඊයේ පෙනී සිටි­යේය.

අවු­රුදු දෙකක් පමණ අනු­මාන වය­සැති බාල වය­ස්කාර දරුවා මොර­ටුව ප්‍රේමා ළමා නිවා­ස­යට භාර දෙන ලෙස  ඉකුත් නඩු දින නියෝග කළ මහේ­ස්ත්‍රා­ත්ව­රයා පාසල් යන වයසේ පසු­වන දරු­වන් දෙදෙ­නාට අදා­ළව  පාසල් සහ ග්‍රාම සේවා වාර්තාව කැඳවූ අතර ඊට අදා­ළව ඊයේ ඉදි­රි­පත් කර තිබූ  වාර්තා පරි­ශී­ල­නය කිරී­මෙන් අන­තු­රුව කාන්තාව භාරයේ සිටි ඉතිරි දරු­වන් දෙදෙනා ද පරි­වාස භාර­යට පත් කරන ලෙස මහේ­ස්ත්‍රා­ත්ව­රයා ඊයේ (26)  නියෝග කළේය. ඒ අනුව පාසල් යන වයසේ පසු­වන දරු­වන් දෙදෙනා මීරි­ගම මහා­බෝධි ළමා  සුරැ­කුම් මධ්‍ය­ස්ථාන භාර­යට යොමු කරන ලෙස මහේ­ස්ත්‍රා­ත්ව­රයා පරි­වාස නිල­ධා­රි­නි­යට සහ කොම්ප­ඤ්ඤ­වී­දිය පොලි­සි­යට නියෝග කළේය.

අන­න්‍ය­තාව තහ­වුරු කළ හැකි වයස 9 සහ 8 පසු­වන දරු­වන් දෙදෙනා මෙලෙස  ළමා නිවා­ස­යට යොමු කළ අතර බාල වය­ස්කාර දරු­වාගේ  අනු­මාන වයස් සහ­ති­ක­යක් අධි­ක­ර­ණ­යට ගොනු කරන ලෙසත් දරු­වාට අවශ්‍ය එන්නත් සහ සෞඛ්‍ය පහ­සු­කම් ලබා දෙන ලෙසත් මහේ­ස්ත්‍රා­ත්ව­රයා නියෝග කළේය. දරු­වන් සිඟ­ම­නට යෙද­වීම යන චෝදනා යටතේ සැක­කාර කාන්තා­වට එරෙ­හිව චෝදනා ගොනු කර තිබුණි. පොලිස් කණ්ඩා­යම පැයක කාල­යක් තුළ සිදු කළ නිරී­ක්ෂ­ණ­ව­ලට අනුව  එම දරු­වන් එම වෙළෙඳ සංකී­ර්ණ­යට පැමි­ණෙන මෝටර් රථ වෙත ගොස් මුදල් ඉල්ලන බව නිරී­ක්ෂ­ණය කළ බවත් එලෙස එකතු කරන ලද මුදල් රුපි­යල් 20,700ක් අත්අ­ඩං­ගු­වට ගත් බවත් පොලි­සිය අධි­ක­ර­ණ­යට කියා සිටි­යේය. සැක­කාර කාන්තාව දරු­වන් කාගේ කවු­රුන්ද යන්න පිළි­බඳ නිශ්චිත තොර­තුරු සප­යන්නේ නැති බවත් වරින් වර තොර­තුරු වෙනස් කරන බවත් ඥාති පුත­කුගේ  දරු­වන් ඇය විසින් බලා ගන්නා බව පවසා ඇති බවත් පොලි­සිය අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය.  රන්දිය උයන නිවාස සංකී­ර්ණයේ සිට දරු­වන් තිදෙනා සමඟ ඇය සිඟ­මන් යැදී­මට දෛනි­කව මෙම ස්ථාන­යට පැමි­ණෙන අතර ඇයට මින් පෙර අවු­රුදු 4ක දරු­වකු සිඟ­මනේ යෙදවූ බවට නඩු­වක් පව­තින්නේ යැයිද පොලි­සිය වැඩි­දුර කරුණු ඉදි­රි­පත් කර­මින් කියා සිටි­යේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT