Friday, May 16, 2025
Home » දඹුල්ල ආර්ථි­කය විකු­ණන කතාව බොරු

දඹුල්ල ආර්ථි­කය විකු­ණන කතාව බොරු

රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්න­කෝන්

by Gayan Abeykoon
February 27, 2024 1:00 am 0 comment

රක්ෂණ ශ්රියන්ත

මෙරට ප්‍රධා­න­තම ආර්ථික මධ්‍ය­ස්ථා­නය වන දඹුල්ල විශේ­ෂිත ආර්ථික මධ්‍ය­ස්ථා­නය විදේ­ශීය සමා­ග­ම­කට විකි­ණී­මට කට­යුතු කරන බවට සමාජ ජාල­වල ප්‍රචා­රය වන පුවත සාවද්‍ය බව ආර­ක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්න­කෝන් මහතා ප්‍රකාශ කරයි. රාජ්‍ය ඇමැ­ති­ව­රයා මේ බව ප්‍රකාශ කළේ දඹුල්ල වෙළෙඳ සංගම් නිල­ධා­රීන් සමඟ පෙරේදා (25) පැවති සාක­ච්ඡා­වට සහ­භාගි වෙමිනි.

මේ සාක­ච්ඡාව අත­ර­තුර කෘෂි­කර්ම ඇමැති මහින්ද අම­ර­වීර මහතා දුර­ක­ත­න­යෙන් සම්බන්ධ කර ගත් රාජ්‍ය ඇමැ­ති­ව­රයා මේ පුවත සම්බ­න්ධ­යෙන් කරුණු විම­සී­මක් ද සිදු කරන ලදි.

එහිදී කෘෂි­කර්ම ඇමැ­ති­ව­රයා පවසා සිටියේ ආර්ථික මධ්‍ය­ස්ථාන විකි­ණී­මට රජයේ කිසිදු සූදා­න­මක් නොමැති බවයි.

එබැ­වින් මෙවැනි අසත්‍ය ප්‍රචා­ර­ව­ලට නොරැ­ව­ටෙන ලෙස රාජ්‍ය ඇමැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT