Monday, April 28, 2025
Home » කොමි­යු­නිස්ට් පක්ෂ ආසන සංවි­ධා­ය­ක­ව­රුන් පත්කි­රීමේ නිල උත්ස­වය 29දා

කොමි­යු­නිස්ට් පක්ෂ ආසන සංවි­ධා­ය­ක­ව­රුන් පත්කි­රීමේ නිල උත්ස­වය 29දා

by Gayan Abeykoon
February 27, 2024 1:00 am 0 comment

මැද­කො­ළඹ සමූහ ආරි­ය­රත්න ගනේ­ගොඩ

 

ශ්‍රී ලංකාවේ කොමි­යු­නිස්ට් පක්ෂයේ දීප­ව්‍යාප්ත ආසන සංවි­ධා­ය­ක­ව­රුන් පත්කි­රීමේ නව වැඩ­පි­ළි­වෙළ යටතේ කොළඹ දිස්ත්‍රික් මැති­ව­රණ කොට්ඨා­ස­යට ආසන සංවි­ධා­ය­ක­ව­රුන් සහ ආසන සංවි­ධා­ය­ක­ව­රි­යන් පත්කි­රීමේ නිල උත්ස­වය මේ මස 29 වැනිදා (අනිද්දා) පස්වරු 4.00ට බොරැල්ල සුගී­ෂ්වර ශාලා­වේදී පැවැ­ත්වෙන බව කොළඹ දිස්ත්‍රික් සභාවේ සභා­පති, හිටපු නාග­රික මන්ත්‍රි එල්. ආර්. ස්ටීවන් මහතා ‘දින­මිණ’ට පැවැ­සීය.

මේ උත්ස­ව­යේදී වර්ත­මාන දේශ­පා­ලන තත්ත්වය පිළි­බඳ විශේෂ සමරු දේශන දෙකක් පක්ෂයේ ප්‍රධාන ලේකම්, විශේ­ෂඥ වෛද්‍ය ජී. වීර­සිංහ සහ හම්බ­න්තොට දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රි වීර­සු­මන වීර­සිංහ මහ­ත්ව­රුන් විසින් පැවැ­ත්වී­මට නිය­මි­තය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT