Home » පාර්ලි­මේ­න්තු­වෙන් වන කාර්යය සමා­ජ­ගත නොවීම කන­ගා­ටු­වට කරු­ණක්

පාර්ලි­මේ­න්තු­වෙන් වන කාර්යය සමා­ජ­ගත නොවීම කන­ගා­ටු­වට කරු­ණක්

නියෝජ්‍ය කථා­නා­යක අජිත් රාජ­පක්ෂ

by Gayan Abeykoon
February 27, 2024 1:00 am 0 comment

පාර්ලි­මේ­න්තු­වෙන් විශාල කාර්ය­භා­ර­යක් සිදු වුවත් එම කරුණු සමා­ජ­ගත නොවීම කන­ගා­ටු­වට කරු­ණක් බව නියෝජ්‍ය කථා­නා­යක අජිත් රාජ­පක්ෂ මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව පැවැ­සුවේ පසු­ගි­යදා බදු­ල්ලේදී පැවති රැස්වී­ම­ක­දීය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“රටේ ඉදි­රිය සහ සමා­ජයේ ප්‍රග­ම­නය වෙනු­වෙන් වැද­ගත් අණ පනත් රැසක් සම්මත වුවත් එම කරුණු ගැන සමා­ජයේ අ‍ව‍බෝධ­යක් නෑ. එහිදී ජන­මාධ්‍ය ආය­තන තම වග­කීම නිසි­යා­කා­රව ඉටු කර­න­වාද කියා එම ආය­තන විසින් අව­ධා­නය යොමු කිරී­මට කාලය එළැඹ තිබෙ­නවා.

පාර්ලි­මේ­න්තුවේ විවා­ද­වල සිදු වන වැද­ගත් කරුණු, සංඛ්‍යා ලේඛන, නව නීති සම්පා­දන, රෙගු­ලාසි සහ නියා­මන ඇතුළු අණ පනත් සහ ඒවා රටට, සමා­ජ­යට, රටේ පොදු මහ­ජ­න­තා­වට බල­පාන ආකා­රය ගැන පුළුල් සංවා­ද­යක් ඇති නොකර පාර්ලි­මේ­න්තුවේ සිදු වන කෑ කෝ ගැසීම් පිළි­බ­ඳව පම­ණක් මාධ්‍ය අව­ධා­නය යොමු කිරීම මේ තත්ත්ව­යට ප්‍රධාන හේතු­වක්.

පාර්ලි­මේ­න්තුව මේ රටේ තියෙන උත්ත­රී­ත­රම ආය­ත­නය. මාධ්‍ය තුළයි, සමා­ජය තුළයි අපේ ආග­මට දහ­මට ගහ­නවා වගේම මේ රටේ තියෙන ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ඉහ­ළින්ම තියෙන ආය­ත­න­යට තමයි ගහන්නෙ. විවිධ මාන­සික මට්ටම් තියෙන මිනිස්සු අපි ඕනෙ තරම් දැකලා තියෙ­නවා. ඉතා­මත් හොඳ හද­ව­තක් තියෙන මහ පොළොවේ පය ගහලා මිනිස්සු වෙනු­වෙන් කට­යුතු කරන ගොඩක් අය ඉන්නවා. හැබැයි ඒ අයට ගර­හන්නෙ මළ ගෙද­ර­කට සීනි පන්සී­යක් ගෙනි­හින් දීපු නැති අය. පාර්ලි­මේ­න්තු­වෙන් වෙන වැඩ දන්නේ අපේ සමා­ජයේ ටික දෙනයි. හැබැයි සම­හර වෙලා­වට ප්‍රවෘ­ත්ති­ව­ලට විනාඩි 5ක් 6ක් ඇතු­ළත පෙන්වන ටිකක් තමයි අපේ රටේ ජන­තාව දන්නෙ. නමුත් පාර්ලි­මේ­න්තුව කියන්නෙ උදේ 9.30ට රැස් වුණාම සවස 6, 7 වෙන­කම් සම­හර වෙලා­වට රෑ වෙන­කම් වැඩ කරන තැනක්. ප්‍රවෘත්ති බල­න­කොට රණ්ඩු වෙන ටික විත­ර­මයි මාධ්‍ය­යෙන් පෙන්වන්නේ. එත­කොට හිත­නවා මේක වැඩක් නෑ කියලා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT