Wednesday, March 26, 2025
Home » උද්දිකගෙන් හිස් වූ මන්ත්‍රී ධූරය කාට ද

උද්දිකගෙන් හිස් වූ මන්ත්‍රී ධූරය කාට ද

by chanaka
February 27, 2024 4:48 pm 0 comment

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ඉල්ලා අස්වීමෙන් එම මන්ත්‍රී ධුරය පුරප්පාඩු වී ඇතැයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂාණී රෝහණදීර මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දී ඇත.

ඇය මෙම දැනුම් දීම කර ඇත්තේ1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරවය.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා එස්.සී මුතුකුමාරණ මහතා පත්කිරීමට නියමිත බව වාර්තාවේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT