Home » ගාල්ල අධි­වේගී බස් නැව­තුම ළඟ තාව­කා­ලික ආව­ර­ණ­ය­කට රජ­යෙන් ලක්ෂ 62ක්

ගාල්ල අධි­වේගී බස් නැව­තුම ළඟ තාව­කා­ලික ආව­ර­ණ­ය­කට රජ­යෙන් ලක්ෂ 62ක්

by Gayan Abeykoon
February 27, 2024 1:00 am 0 comment

කරා­පි­ටිය සමූහ - එස්. ලොකු­ක­ර­විට

ගාල්ල අධි­වේගී මාර්ග බස් රථ නැව­තුම සඳහා තාව­කා­ලික අව්වැසි ආව­ර­ණ­යක් ඉදි­කි­රී­මට රුපි­යල් ලක්ෂ 62ක මුද­ලක් අනු­මත වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සම්බ­න්ධී­ක­රණ කමි­ටුවේ දී අනා­ව­ර­ණය විය.

මෙම රැස්වීම සම්බ­න්ධී­ක­රණ කමිටු සභා­පති පාර්ලි­මේන්තු මන්ත්‍රී සම්පත් අතු­කෝ­රළ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පසු­ගි­යදා දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රව­ණා­ගා­ර­යේදී පැවැ­ත්විණි.

ගාල්ල නග­ර­යෙන් ගමන් ආරම්භ කරන සහ ගම­නා­න්ත­යට පැමි­ණෙන බස් රථ සම­නල පාලම අසල නව­ත්වන අතර, එම ස්ථානයේ මඟී ආව­ර­ණ­යක් නොමැති බැවින් වර්ෂාව පව­තින අව­ස්ථා­ව­ලදී අධි­වේගී මාර්ග බස්රථ සේවාව ලබා ගන්නා මගීන් කාල­යක සිට දැඩි අසී­රු­තා­ව­ය­කට පත්ව සිටිති.

මෙයට වික­ල්ප­යක් වශ­යෙන් තාව­කා­ලික අව්වැසි ආව­ර­ණ­යක් ඉදි­කි­රී­මට තීර­ණය කර ඇති බවත්, ඒ සඳහා 2024 වර්ෂයේ දකුණු පළාත් සංව­ර්ධන සැලැස්ම යටතේ මුදල් අනු­මත කර ඇති බවත් වාර්තා විය. දකුණු පළාත් සභා මුදල් කොමි­ෂන් සභාවේ අනු­මැ­තිය ලද විගස ව්‍යාපෘ­තිය සිදු කරන බව ද දකුණු පළාත් ප්‍රධාන අමා­ත්‍යාං­ශයේ ලේකම් නීතිඥ සුමිත් අල­හ­කෝන් මහතා කීය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT