ගාල්ල අධිවේගී මාර්ග බස් රථ නැවතුම සඳහා තාවකාලික අව්වැසි ආවරණයක් ඉදිකිරීමට රුපියල් ලක්ෂ 62ක මුදලක් අනුමත වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී අනාවරණය විය.
මෙම රැස්වීම සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ගාල්ල නගරයෙන් ගමන් ආරම්භ කරන සහ ගමනාන්තයට පැමිණෙන බස් රථ සමනල පාලම අසල නවත්වන අතර, එම ස්ථානයේ මඟී ආවරණයක් නොමැති බැවින් වර්ෂාව පවතින අවස්ථාවලදී අධිවේගී මාර්ග බස්රථ සේවාව ලබා ගන්නා මගීන් කාලයක සිට දැඩි අසීරුතාවයකට පත්ව සිටිති.
මෙයට විකල්පයක් වශයෙන් තාවකාලික අව්වැසි ආවරණයක් ඉදිකිරීමට තීරණය කර ඇති බවත්, ඒ සඳහා 2024 වර්ෂයේ දකුණු පළාත් සංවර්ධන සැලැස්ම යටතේ මුදල් අනුමත කර ඇති බවත් වාර්තා විය. දකුණු පළාත් සභා මුදල් කොමිෂන් සභාවේ අනුමැතිය ලද විගස ව්‍යාපෘතිය සිදු කරන බව ද දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ සුමිත් අලහකෝන් මහතා කීය.