Thursday, May 15, 2025
Home » රාත්‍රී මුර සංචා­රයේ යෙදී සිටි පොලි­සියේ දෙදෙ­නකුට පහර දුන් හමුදා සෙබළා මාට්ටු

රාත්‍රී මුර සංචා­රයේ යෙදී සිටි පොලි­සියේ දෙදෙ­නකුට පහර දුන් හමුදා සෙබළා මාට්ටු

by Gayan Abeykoon
February 27, 2024 1:00 am 0 comment

සූරි­ය­වැව විශේෂ නුවන් ජය­සේ­කර

තංගල්ල පළ­තු­ඩුව ප්‍රදේ­ශ­යේදී රාත්‍රී පොලිස් මුර සංචා­රයේ යෙදුණු පොලිස් නිල­ධා­රින් දෙදෙ­නෙ­කුට පහර දී, රාජ­කා­රි­යට බාධා කළ විශ්‍රා­මික යුද හමුදා සෙබ­ළෙකු තංගල්ල පොලිස් ස්ථානයේ නිල­ධා­රීන් විසින් පෙරේදා (25) රාත්‍රි 11.00ට පමණ අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

මෙලෙස පොලිස් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගන්වා ඇති පළ­තු­ඩුව, තංගල්ල පදිංචි 39 හැවි­රිදි යුද හමුදා සෙබ­ළෙකි.

සැක­කරු අධික ලෙස බීමත්ව කල­හ­කාරී ලෙස හැසි­රීම සම්බ­න්ධ­යෙන් අස­ල්වැ­සි­යෙකු විසින් 119 පොලිස් හදිසි ඇම­තුම් අංශ­යට මේ බව දන්වා තිබේ. ඒ අනුව රාත්‍රී මුර සංචා­රයේ යෙදී සිටි පොලිස් නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් එම ස්ථාන­යට ගොස් සැක­කරු අත්අ­ඩං­ගු­වට ගැනී­මට උත්සාහ කළ අව­ස්ථාවේ සැක­කරු පොලිස් නිල­ධා­රින් දෙදෙ­නෙ­කුට පහර දී රාජ­කා­රි­යට බාධා කර තිබේ. සැක­කරු සිදු කළ පහර දීම හේතු­වෙන් රාත්‍රී මුර සංචා­රයේ යෙදී සිටි පොලිස් සැර­යන් (59795) කරු­ණා­රත්න හා පොලිස් කොස්තා­පල් (75474) සුසන්ත යන නිල­ධා­රීන් දෙදෙනා සුළු තුවාල ලබා ප්‍රති­කාර සඳහා තංගල්ල මූලික රෝහ­ලට ඇතු­ළත් කර තිබේ. සැක­කාර පුද්ග­ලයා පොලිස් නිල­ධා­රීන් විසින් එම අව­ස්ථා­වේ­දීම අත්අ­ඩං­ගු­වට ගෙන ඇති අතර, එහිදී සැක­කරු පරීක්ෂා කිරී­මේදී ඔහුගේ යට කලි­සමේ සඟ­වා­ගෙන සිටි ගංජා ග්‍රෑම් 10ක්ද පොලිස් නිල­ධා­රීන් සොයා­ගෙන ඇත. අත්අ­ඩං­ගු­වට පත් සැක­කරු අධික ලෙස බීමත්ව සිට ඇති අතර, සැක­කරු තංගල්ල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය. තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී කේ.බී. කීර්ති­රත්න මහ­තාගේ උප­දෙස් පරිදි තංගල්ල මූල­ස්ථාන පොලි­සිය වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT