Home » කෑගල්ල ගණිකා මඩ­මක කළ­ම­නා­කරු ඇතුළු කතුන් 6ක් රිමාන්ඩ්

කෑගල්ල ගණිකා මඩ­මක කළ­ම­නා­කරු ඇතුළු කතුන් 6ක් රිමාන්ඩ්

රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත එක් කාන්තාවකට ‘ඒඩ්ස්’

by Gayan Abeykoon
February 27, 2024 1:00 am 0 comment

කෑගල්ල විශේෂ - චමින්ද ජය­ලත්

කෑගල්ල රංදෙ­ණිය ප්‍රදේ­ශයේ ලැගුම් පොළක් පව­ත්වා­ගෙන යන මුවා­වෙන් ගණිකා මධ්‍ය­ස්ථා­න­යක් පව­ත්වා­ගෙන ගිය කළ­ම­නා­කා­ර­ව­රයා ඇතුළු කාන්තා­වන් හය දෙනෙක් කෑගල්ල මහේ­ස්ත්‍රාත් සශිකා මිතුන ආරච්චි මහ­ත්මිය වෙත ඉකුත් 24 වැනිදා ඉදි­රි­පත් කිරී­මෙන් පසුව මාර්තු 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස නියෝග කෙරිණ.

මෙලෙස රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර ඇත්තේ ලැගුම් පොළේ කළ­ම­නා­කා­ර­ව­රයා වන කෑගල්ල මාදෙ­යි­යාව ප්‍රදේ­ශයේ පදිං­චිව සිටින 42 හැවි­රිදි පුද්ග­ල­යෙකි. ගණිකා වෘත්තියේ යෙදීම සම්බ­න්ධ­යෙන් වල­ස්මුල්ල ප්‍රදේ­ශයේ පදිං­චිව සිටින 45 හැවි­රිදි කාන්තා­වක් ගණිකා වෘත්තියේ නියැළී සිටී­මට සිටි ගලෙ­න්බි­ඳු­ණු­වැව ප්‍රදේ­ශයේ පදිං­චිව සිටින 35 හැවි­රිදි කාන්තා­වක් පුත්ත­ලම ප්‍රදේ­ශයේ 39 හැවි­රිදි කාන්තා­වක් කවු­ඩුල්ල ප්‍රදේ­ශයේ 42 හැවි­රිදි කාන්තා­වක් හා කෑගල්ල නිල්ම­ල්ගොඩ ප්‍රදේ­ශයේ පදිං­චිව සිටින 24 හැවි­රිදි කාන්තා­වක් බව පොලි­සිය පව­සයි.

කෑගල්ල රඹු­ක්කන මාර්ගයේ රංදෙ­ණිය ප්‍රදේ­ශයේ ලැගුම් පොළක් පව­ත්වා­ගෙන යන මුවා­වෙන් ගණිකා මඩ­මක් පව­ත්වා­ගෙන යන බවට තොර­තුරු ලැබුණු බවත්, පසුව ලැගුම් පොළ පරීක්ෂා කිරී­මට කෑගල්ල පොලි­සිය කෑගල්ල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යෙන් ඉකුත් 22 වැනිදා සෝදිසි වරෙ­න්තු­වක් ලබා ගත් බවත් පොලි­සිය පැව­සීය.

පසුව 23 වැනිදා කෑගල්ල කොට්ඨාස අප­රාධ විම­ර්ශන කාර්යං­ශයේ දූෂණ මර්දන අංශයේ ස්ථානා­ධි­පති උප පොලිස් පරී­ක්ෂක තාරක ධර්ම­රත්ත මහතා ඇතුළු කණ්ඩා­ය­මක් සෝදිසි කිරී­මක් සිදු කර තිබුණි. එහිදී කළ­ම­නා­කා­ර­ව­රයා ඇතුළු විවිධ ප්‍රදේ­ශ­ව­ලින් පැමිණ සිටි කාන්තා­වන් පස් දෙනෙක් අත්අ­ඩං­ගු­වට ගෙන පෙරේදා 24 වැනිදා කෑගල්ල මහේ­ස්ත්‍රාත් සශිකා මිතු­න­ආ­රච්චි මහ­ත්මිය වෙත ඉදි­රි­පත් කෙරිණ.

රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර ඇති හය­වැනි සැක­කා­රිය මීට පෙර ගණිකා මධ්‍ය­ස්ථාන සොයා දීම සම්බ­න්ධ­යෙන් පව­තින නඩු­වක සැක­කා­රි­යක් බවත් ඇයට ඒඩ්ස් වැලඳී ප්‍රති­කාර ලබ­මින් සිටින බවත් කරුණු වාර්තා කෙරිණ.

ප්‍රධාන සැක­කරු ඇතුළු හය­දෙනා මාර්තු 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස මහේ­ස්ත්‍රා­ත්ව­රිය නියෝග කළාය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT