Tuesday, May 13, 2025
Home » මීග­හ­වත්ත, කුලී නිවෙ­සක දී කසිප්පු බෝතල් 50ක් ගෝඩා බැරල් 03ක් සමඟ අයෙක් කොටු

මීග­හ­වත්ත, කුලී නිවෙ­සක දී කසිප්පු බෝතල් 50ක් ගෝඩා බැරල් 03ක් සමඟ අයෙක් කොටු

by Gayan Abeykoon
February 27, 2024 1:00 am 0 comment

මහර සමූහ ගණිදු රෝචන සම­ර­තුංග

මීග­හ­වත්ත, කටු­කු­රුන්ද ප්‍රදේ­ශයේ කුලී පද­නම මත ලබා ගත් නිවෙ­සක කසිප්පු බෝතල් 50ක්, ගෝඩා බැරල් 03ක් සහ පෙරීමේ උප­ක­රණ ළඟ තබා­ගෙන කසිප්පු පෙරීමේ කට­යු­තු­වල නිර­තව සිටි පුද්ග­ල­යකු සැක­පිට අත්අ­ඩං­ගු­වට ගත් බව මීග­හ­වත්ත පොලි­සිය පව­සයි.  රාගම, මත්තු­ම­ගල ප්‍රදේ­ශයේ පදිංචි වයස අවු­රුදු 45ක පුද්ග­ල­යකු මෙසේ අත්අ­ඩං­ගු­වට ගැනී­මට පොලි­සි­යට හැකි වී තිබේ.

පොලි­සි­යට ලැබුණ තොර­තු­රක් විම­ර්ශ­නය කර මීග­හ­වත්ත පොලි­සියේ දූෂණ මර්දන අංශයේ නිල­ධා­රීන් මෙම වැට­ලීම සිදු කර සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

සැක­කරු මෙම ප්‍රදේ­ශයේ පෙරන කසිප්පු වත්තල, ජා ඇළ, කඳාන සහ රාගම වැනි ප්‍රදේ­ශ­ව­ලට බෙදා­හැර ඇති බවට පොලි­සිය සිදු කළ මූලික විම­ර්ශ­න­ව­ලදී හෙළි වී තිබේ.

මෙම සැක­කරු කාල­යක සිට ප්‍රදේ­ශයේ විවිධ ස්ථාන­වල මෙම කසිප්පු පෙරීමේ ජාවා­රම් කට­යුතු සිදු කර ගෙන ගොස් ඇති අතර, මෙම සැක­ක­රුට එරෙ­හිව මීග­මුව සහ වැලි­සර යන අධි­ක­ර­ණ­වල මත්ද්‍රව්‍ය ජාවා­රම් කිරීමේ නඩු පවරා ඇති බවට තොර­තුරු අනා­ව­ර­ණය වී ඇති බව පොලි­සිය පව­සයි.

සැක­කරු මහර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට කට­යුතු යොදා තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT