හාලිඇළ අමුනුවැල්පිටිය ප්‍රදේශයේ වෙළෙඳසලකට ඇතුළු වී පොලුවලින් පහරදී අලාභහානි සිදු කර එහි සිටි තරුණයකු පිහියකින් කපා කොටා බරපතළ තුවාල සිදු කළැයි සැකපිට තරුණයන් තිදෙනකු ඊයේ (26) අත්අඩංගුවට ගත් බව හාලිඇළ පොලිසිය පවසයි.
පිහියකින් කපා කොටා දැමීමෙන් බරපතළ තුවාල ලැබූ හාලිඇළ අමුනුවැල්පිටිය ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවද පොලිසිය පැවසීය.
හාලිඇළ, අමුනුවැල්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 22, 24, 29 වයසේ පසුවෙන තිදෙනකු මෙසේ අත්අඩංගුවට ගනු ලැබිණැයි පොලිසිය පැවසීය. මෙම සැකකාර තරුණයන් තිදෙනා රාත්‍රී වෙළෙඳසලට පැමිණ ඇති අතර, එහිදී දෙපිරිස අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව මෙසේ පොලුවලින් වෙළෙඳ සලට පහරදී පිහියකින් තරුණයා කපා කොටා දමා ඇතැයි පොලිසිය සඳහන් කළේය. ඌව පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති සම්පත් කුමාර ලියනගේ, බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත, පොලිස් අධිකාරි බුද්දික ගුණසේකර, පොලිස් අධිකාරි පී.එම්. ජයරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත හාලිඇළ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් ගුණතිලක, උපපොලිස් පරීක්ෂක උපාලි බණ්ඩාර, සැරයන් (1477) ජයසිංහ, (54167) ලාල්, (39403) ඒකනායක යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.