Home » කුඩා ඔයේ මසුන් මිය ගොස් ඇත්තේ ඔක්සි­ජන් හිඟ­වී­මෙන්

කුඩා ඔයේ මසුන් මිය ගොස් ඇත්තේ ඔක්සි­ජන් හිඟ­වී­මෙන්

by Gayan Abeykoon
February 27, 2024 1:00 am 0 comment

කොට­දෙ­ණි­යාව සමූහ එම්. පුෂ්ප­කු­මාර

බඩ­ල්ගම බල­වල පාලම ආස­න්නයේ කුඩා ඔයේ මසුන් මහා පරි­මා­ණ­යෙන් මීය ගොස් ඇත්තේ ඔක්සි­ජන් අඩු වීම නිසා බව ජල ජීවී වගා සංව­ර්ධන අධි­කා­රිය සඳ­හන් කරයි.

බල­වල පාලම පසු­කර මද දුරක් ගිය පසු කුඩා ඔය, මා ඔය හා එක්වෙන අතර ඉකුත් 20 අලු­යම සිට එහි සිටි මසුන් දහස් ගණ­නින් මිය­ගොස් පාවෙ­න්නට පටන් ගෙන තිබිණි.

විශාල වශ­යෙන් මසුන් මිය යෑම කිසි­යම් වසක් මිශ්‍ර­වීම හේතු­වෙන් සිදු වී ඇති බවට ජන­තාව අතර අද­හස් පැපැ­ති­රෙ­මින් තිබිණි. ජල ජීවී වගා සංව­ර්ධන අධි­කා­රිය, දිවු­ල­පි­ටිය සෞඛ්‍ය වෛද්‍ය නිල­ධාරි කාර­යා­ලයේ මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­රුන් ඇතුළු නිල­ධා­රීන් පොලි­සිය හා එක්ව සිද්ධිය වූ ස්ථානයේ නිරී­ක්ෂ­ණය කර ජල සම්පල් ආදිය ලබා ගනු ලැබීය.

ජල ජීවී වගා සංව­ර්ධන අධි­කා­රියේ සංව­ර්ධන නිල­ධාරි තරිදු කසුන් මහතා මෙහිදී පැව­සුවේ මසුන්ට ජලය හිඟ වීම නිසා ඔක්සි­ජන් ලබා ගැනී­මට අප­හසු වීම මත මේ තත්ත්වය උදාවී ඇතැයි අනු­මාන කරන බවය.

ජලය හිඟ වීමත් සමඟ ඔක්සි­ජන් ප්‍රමා­ණය ලබා ගැනීම අප­හසු වීමෙන් මේ තත්ත්වය උදා විය හැකි බවත් වහා ජලය සැප­යී­මෙන් පිළි­ස­ර­ණක් ලබා­ගත හැකි විය හැකි බවද ඔහු සඳ­හන් කළේය.

බඩ­ල්ගම පොලිස් ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක ජයන්ත පති­රණ මහතා උප පොලිස් පරී­ක්ෂක ඩබ්ලිව්. එම්. ඩබ්ලිව්. එදි­රි­සිංහ මහතා ඇතුළු නිල­ධා­රීහු ද පරී­ක්ෂණ කට­යුතු සඳහා එක්ව සිටි­යහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT