කැලණිය දිප්පිටිගොඩ ශ්‍රී සුබෝධාරාම මහා විහාරධිපති ඇල්ලලගොඩ නන්දරතන හිමිපාණන් වෙත මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ ගාලු සහ බස්නාහිර දෙපළාතේ උපප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනමා තිබේ. ඒ පිළිබඳ ශ්‍රී සන්නස්පත්‍ර ප්රදානෝත්සවය පසුගියදා (25) මහනුවර, මල්වතු මහා විහාරයේදී පැවැති අතර උන්වහන්සේ පිළිගැනීමේ උපහාර උත්සවය කැලණිය දිප්පිටිගොඩ ශ්‍රී සුබෝධාරාම මහා විහාරයේදී මාර්තු 03 න දින පස්වරු 2.30ට පැවැත්වේ.
මෙම අවස්ථාව සඳහා ගම්පහ යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද විශ්ව විද්‍යාලයේ කුලපති මල්වතු මහාවිහාර පාර්ශ්වයේ අනුනායක ආචාර්ය නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ෂිත විජිතසිරි අභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ වැඩම කරවීමෙන් සහ ගිහි සහභාගීත්වයෙන් පැවැත්වේ.