බෞද්ධ සිල් මාතාවක් ඊයේ (26) දහවල් දුම්රියක ගැටී මියගොස් ඇති බව බේරුවල පොලිසිය පැවසීය.
ගල්කිස්ස සිට අලුත්ගම බලා ධාවනය වූ අංක 8788 දරන මන්දගාමී දුම්රියේ බේරුවල සහ හෙට්ටිමුල්ල දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී ගැටී ඇති මෙම සිල් මාතාවගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවද සඳහන් වේ.
මෘත දේහය අලුත්ගම දුම්රිය ස්ථානයට භාර දීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට යොමු කර ඇති බව සඳහන් වේ. මෙම දස සිල් මාතාව දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී දුම්රියේ ගැටී ඇද්ද, නොඑසේ නම් දුම්රියට පැන දිවි නසාගෙන ඇද්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවද පොලිසිය කීය.
සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.