Home » බේරු­වල ආරි­ය­වංශ විදු­හලේ සුහුරු පන්ති කාම­රයේ ටැබ් උස්සලා

බේරු­වල ආරි­ය­වංශ විදු­හලේ සුහුරු පන්ති කාම­රයේ ටැබ් උස්සලා

රුපි­යල් 780,000ක ටැබ් 13ක් ඒ අතර

by Gayan Abeykoon
February 27, 2024 1:00 am 0 comment

අලු­ත්ගම තුසිත කුමාර ද සිල්වා, බණ්ඩා­ර­ගම බිමල් ජය­සිංහ

බේරු­වල  ආරි­ය­වංශ විදු­හ­ලට සති අන්තයේ නිවාඩු දිනක ඇතුළු වී ඇති කිසි­යම් සොරකු විදු­හලේ සුහුරු පරි­ග­ණක පංති කාම­රය කඩා එහි තිබූ  රුපි­යල් 780,000ක් වටිනා ටැබ් පරි­ග­ණක 13ක් සොර­කම් කර ඇතැයි බේරු­වල පොලි­සිය පැව­සීය.

පාසලේ විදු­හ­ල්ප­ති­ව­රයා පෙරේදා (25) කිසි­යම් අව­ශ්‍ය­තා­ව­ය­කට පාස­ලට පැමිණි අව­ස්ථාවේ මෙම සිද්ධිය දැක බේරු­වල පොලි­සිට පැමි­ණිලි කිරී­මෙන් අන­තු­රුව ඒ සම්බන්ද විම­ර්ශන ආරම්භ කර ඇතැයි බේරු­වල පොලි­සිය කියා සිටි­යේය. මෙම පරි­ග­ණක පංති කාම­රයේ ටැබ් යන්ත්‍ර  25ක් තිබී ඇති අතර, එම  සොරා ඉන් ටැබ් 13ක් පම­ණක් සොර­කම් කර තිබෙන බව බේරු­වල පොලි­සිය කීය. සිද්ධිය වූ දින රජයේ නිවාඩු දින­යක් වීම හේතු­වෙන් එම අව­ස්ථාවේ පාසල්  මුර­කරු ද සිට නොමැති බව පොලි­සිය වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

සහ­කාර පොලිස් අධි­කාරී දුමින්ද රාජ­පක්ෂ, බේරු­වල පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ලලිත් පත්ම­කු­මාර යන මහ­ත්ව­රුන්ගේ උප­දෙස් මත උප පොලිස් පරී­ක්ෂක හියු­බට් සිල්වා, පොලිස් කොස්තා­පල්  වට­වල (70628) යන මහ­ත්වරු විම­ර්ශන සිදු කරති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT