Tuesday, May 13, 2025
Home » හරින් දුව එක්ක මුහුදු ගිය රසික මුහු­දට වැටී අතු­රු­දන්

හරින් දුව එක්ක මුහුදු ගිය රසික මුහු­දට වැටී අතු­රු­දන්

by Gayan Abeykoon
February 27, 2024 1:00 am 0 comment

පොතු­පි­ටිය - සුමිත් ප්රේම­ති­ලක, අලු­ත්ගම - තුසිත කුමාර ද සිල්වා

මසුන් මැරීම සඳහා බහු­දින ධීවර යාත්‍රා­ව­කින් මුහුදු ගිය ධීව­ර­යකු මුහු­දට වැටී අතු­රු­දන්ව ඇති බවට ලද පැමි­ණි­ල්ලක් මත පරී­ක්ෂණ ආරම්භ කළ බව බේරු­වල පොලි­සිය පැව­සීය.

බල­පි­ටිය, අම්පේ ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි රසික ඩිලාන් නමැති ධීව­ර­යකු මෙසේ මුහු­දට වැටී තිබේ. ඒ බව ධීවර යාත්‍රාවේ ක්‍රියා­කරු එහි හිමි­ක­රුට දැනුම් දී ඇති බවත්, ඥාතීන්ට දැනුම් දීමෙන් පසු බේරු­වල පොලි­සි­යට පැමි­ණිලි කර ඇති බවත් සඳ­හන් වේ.

හරිනි දුව 2 නමැති බහු­දින යාත්‍රා­වෙන් පෙරේදා (25) රාත්‍රී 7.55ට පමණ බේරු­වල ධීවර වරා­යෙන් ධීව­ර­යන් හය දෙනකු මුහුදු ගොස් ඇති අතර, එහි ගමන් කළ බල­පි­ටිය, අම්පේ ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි රම්මුතු රසික ඩිලාන් නමැති  (33) හැවි­රිදි පුද්ග­ලයා රාත්‍රි 9ට පමණ මුහු­දට වැටී ඇති බවට යාත්‍රා ක්‍රියා­කරු පැමි­ණි­ලි­ක­රුට දුර­ක­ථන ඇම­තු­මක් ලබා දුන් බව පැමි­ණිල්ලේ සඳ­හන්ව ඇතැයි පොලි­සිය කීය.

බහු­දින යාත්‍රාවේ රැඳී සිටි යාත්‍රා ක්‍රියා­කරු ඇතුළු අනෙක් ධීව­ර­යන් පස්දෙනා මුහු­දට වැටුණු ධීව­රයා ගැඹුරු මුහුදේ සොයා ඇති නමුත් හමුව නොමැති බවද සඳ­හන් වේ. බේරු­වල පොලි­සිය වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT