මසුන් මැරීම සඳහා බහුදින ධීවර යාත්රාවකින් මුහුදු ගිය ධීවරයකු මුහුදට වැටී අතුරුදන්ව ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කළ බව බේරුවල පොලිසිය පැවසීය.
බලපිටිය, අම්පේ ප්රදේශයේ පදිංචිව සිටි රසික ඩිලාන් නමැති ධීවරයකු මෙසේ මුහුදට වැටී තිබේ. ඒ බව ධීවර යාත්‍රාවේ ක්රියාකරු එහි හිමිකරුට දැනුම් දී ඇති බවත්, ඥාතීන්ට දැනුම් දීමෙන් පසු බේරුවල පොලිසියට පැමිණිලි කර ඇති බවත් සඳහන් වේ.
හරිනි දුව 2 නමැති බහුදින යාත්රාවෙන් පෙරේදා (25) රාත්‍රී 7.55ට පමණ බේරුවල ධීවර වරායෙන් ධීවරයන් හය දෙනකු මුහුදු ගොස් ඇති අතර, එහි ගමන් කළ බලපිටිය, අම්පේ ප්රදේශයේ පදිංචිව සිටි රම්මුතු රසික ඩිලාන් නමැති (33) හැවිරිදි පුද්ගලයා රාත්‍රි 9ට පමණ මුහුදට වැටී ඇති බවට යාත්‍රා ක්රියාකරු පැමිණිලිකරුට දුරකථන ඇමතුමක් ලබා දුන් බව පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පොලිසිය කීය.
බහුදින යාත්‍රාවේ රැඳී සිටි යාත්‍රා ක්රියාකරු ඇතුළු අනෙක් ධීවරයන් පස්දෙනා මුහුදට වැටුණු ධීවරයා ගැඹුරු මුහුදේ සොයා ඇති නමුත් හමුව නොමැති බවද සඳහන් වේ. බේරුවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.