Home » හෙල්මට් නැතිව ගිය අය­කු­ගෙන් අල්ලස් ගත් රාල­හා­මිලා දැලේ

හෙල්මට් නැතිව ගිය අය­කු­ගෙන් අල්ලස් ගත් රාල­හා­මිලා දැලේ

by Gayan Abeykoon
February 27, 2024 1:00 am 0 comment

පොතු­පි­ටිය සුමිත් ප්රේම­ති­ලක මතු­ගම සමූහ බී. ටී. තඹ­විට

හෙල්මට් නැතිව ගිය පුද්ග­ල­යකු ගෙන් රුපි­යල් දස දහ­සක  අල්ල­සක් ලබා­ගත් පොලිස් නිල­ධා­රීන් දෙදෙ­නෙකු ඊයේ (26) පස්ව­රුවේ  අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභා නිල­ධා­රීන් භාර­යට  ගෙන ඇති බව කළු­තර උසස්  පොලිස් නිල­ධා­රි­යෙක් පැව­සීය.

මෙසේ අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ ඉත්තෑ­පාන  පොලිස් ස්ථානයේ රථ­වා­හන අංශ කොස්තා­පල් වරුන් දෙදෙ­නෙකි.

අත්අ­ඩං­ගු­වට පත්ව ඇති නිල­ධා­රීන් දෙදෙනා, හෙල්මට් එකක් නොමැ­තිව  යතුරු පැදි­ය­කින් යමින් සිටී පුද්ග­ල­යකු ගේ රිය­දුරු බල­ප­ත්‍ර­යක් භාර­යට ගෙන ඇත. එම වරද සම­ත­ය­කට පත්කර රිය­දුරු බල­ප­ත්‍රය නැවත ලබා­දී­මට එක් කොස්තා­පල් වර­යෙකු රුපි­යල් දස දහ­සක මුද­ලක් අල්ල­සක් වශ­යෙන් ඊයේ පස්ව­රුවේ  පොලිස් ස්ථානය තුළදී ලබා­ගැ­නී­මෙන් පසු අත්අ­ඩං­ගු­වට ගෙන ඇතැයි සඳ­හන් වේ.

සිද්ධි­යට සම්බන්ධ අනෙක් කොස්තා­පල් වරයා භාර­යට ගෙන තිබූ රිය­දුරු බල­ප­ත්‍රය සිය නිල ඇඳුමේ සාක්කු­වක දමා­ගෙන සිටි­යදී අත්අ­ඩං­ගු­වට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT