Home » ස්පාහල් හිමි­කා­රි­නිය 11දා දක්වා රිමාන්ඩ්
වස්ක­ඩුවේ බාල­ව­ය­ස්කා­රි­යක මීගමු ස්පාහ­ලක දී අප­යෝ­ජ­නය වීමේ සිද්ධිය

ස්පාහල් හිමි­කා­රි­නිය 11දා දක්වා රිමාන්ඩ්

by Gayan Abeykoon
February 27, 2024 1:00 am 0 comment

ඩී. මිහි­ඳු­කුල කොච්චි­කඩේ

වයස අවු­රුදු 15යි මාස පහක බාල වය­ස්කාර දැරි­යක අප­හ­ර­ණය කර මිනිස් ජාවා­ර­මක කට­යුතු කර ස්ත්‍රී දුෂ­ණ­යක් සිදු­කළේ යැයි  කියන සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් චෝදනා ලැබූ කාන්තා­වක මාර්තු 11දා දක්වා රක්ෂිත බන්ධ­නා­ගාර ගත කිරී­මට මීග­මුව ප්‍රධාන මහේ­ස්ත්‍රාත් රඛිත අබේ­සිංහ මහතා ඊයේ (26) නියෝග කළේය.

මෙලෙස නියෝග ලැබුවේ සඳු­න්ගම තිස්ස­ම­හ­රාම පදිංචි නයෝමි මුණ­සිංහ අවු (40) නැමැති මීග­මුව කුඩා පාඩුවේ ස්පා ආය­ත­න­යක් පව­ත්වා­ගෙන ගිය කාන්තා­වකි.   මෙම සිද්ධි­යට පාත්‍ර වී ඇත්තේ වස්ක­ඩුව කළු­තර පදිංචි දැරි­යකි. ඇය හිත­ව­ති­යන් දෙදෙ­නකු සමඟ සහෝ­ද­ර­ත්ව­යෙන් සිටි බව පැවසේ.

ඇය පසු­ගිය විසි­එ­ක්වෙ­නිදා තම මවට නොකියා මුහුදු වෙර­ළට ගොස් ඇත. මේ නිසා මව දැරි­යට බැණ වැදීම හේතු­වෙන් නිව­සට යාමට නොහැකි බව හිත­ව­ති­යන්ට පවසා තිබේ. ඇගේ එක් යෙහෙ­ළි­යක වැඩ කරන්නේ මීග­මුවේ ස්පා ආය­ත­න­යක බව මෙම දැරි­යට පවසා තිබේ. දැරිය මෙම ආය­ත­නයේ සේවය කරන හිත­ව­තිය සමඟ දුම්රි­යෙන් මීග­මුවේ එම ආය­ත­න­යට පැමිණි බව තිබේ. මෙහිදී කාන්තා­වක පැමිණ මෙම දැරිය කාම­ර­ය­කට රැගෙන ගිය බවත් එහිදී ඇයට නාගන්න කියා එම කාන්තාව ප්‍රකාශ කළ බවත් සඳ­හන් වේ.

පසුව ඇයට රාත්‍රියේ දී මහත පුද්ග­ල­යෙකු හා තවත් අයෙකු පැමිණ අත­වර කළ බව කියයි. දෙවන පුද්ග­ලයා ඇය ළඟට පැමිණි විට ඇය ඇඬී­මට පටන් ගත් බව ද අධි­ක­ර­ණ­යට කරුණු දැක්වීමේ දී වාර්තා විය. මව මෙම සිද්ධිය පොලි­සි­යට පැමි­ණිලි කර ඇත. දැනට මෙම දැරිය කළු­තර රෝහලේ ප්‍රති­කාර ලබන බව අධි­ක­ර­ණ­යට වාර්තා විය. මීග­මුව මූල­ස්ථාන ප්‍රධාන පොලිස් පරී­ක්ෂක චන්දන රණ­සිංහ මහ­තාගේ උප­දෙස් මත මීග­මුව පොලි­සියේ ළමා හා කාන්තා කාර්යාං­ශයේ ස්ථානා­ධි­ප­තිනි උප පොලිස් පරී­ක්ෂක එන්. එස්. හසිම් කා. පො. කො. 11659 සජානි යන නිල­ධා­රි­නි­යන් විසින් පැමි­ණිල්ල මෙහෙ­ය­ව­මින් අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කරන ලදී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT