286
සංචාරක එංගලන්ත පිලට එරෙහිව රන්චි නුවර පැවැති සිවුවැනි ටෙස්ට් තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කළ ඉන්දීය පිල තරගයක් ඉතිරිව තිබියදීම 3-1කින් ටෙස්ට් තරගමාලාව ජයගැනීමට සමත් විය. තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ පස්වරු තේ පානයට පෙර ඉන්දීය පිල ලකුණු 192ක ජයග්රාහී ඉලක්කයට අවතීර්ණ වූ අතර, කඩුලු 5ක් බිඳ වැටිණි.
කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුව පන්දුවට පහර දී ලකුණු 353ක් රැස් කළ අතර, ඉන්දීය පළමු ඉනිම ලකුණු 307කට සීමා විය. අනතුරුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ සංචාරක එංගලන්ත පිලට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 145ක් පමණි.