Saturday, May 10, 2025
Home » එකම දිනයක පන්සල් දෙකක පිංකැට හොරු කඩලා

එකම දිනයක පන්සල් දෙකක පිංකැට හොරු කඩලා

by yasara
February 28, 2024 10:40 am 0 comment

හාලිඇල ශ්‍රී බිම්බාරාම විහාරස්ථානය  සහ  බෝගහමඩිත්ත ශ්‍රී ජේතවනාරාම විහාරස්ථානය ට ඊයේ (27) අලුයම ඇතුලු වී ඇති සොරකල්ලියක්  විහාරස්ථානවල තිබූ පිංකැට දෙකක්  කඩා විහාරස්ථානයේ ආවාස ගෙයි තිබූ මුදල් ,ආරක්ෂිත කැමරා උපකරණ කට්ටල ඇතුලු රුපියල් 97000ක් පමණ වටිනා දේපළ සොරාගෙන ගොස් ඇතැයි හාලිඇල පොලිසිය පවසයි .

ශ්‍රී බිම්බාරාම විහාරස්ථානය වසා තිබියදී දොරේ ඉබ්බා කඩා ආවාස ගෙට  ඇතුලු වී ඇති සොරුන්

එහි තිබූ මුදල් රුපියල් 67000ක්ද, විහාරස්ථානයේ ආරක්ෂිත කැමරා පද්ධතියේ  රුපියල් 25000ක් වටිනා ඩී.වී.ආර් .යන්ත්‍රයද ගලවා සොරාගෙන විහාරගෙයි තිබූ පිංකැටය ද  මෙසේ කඩා දමා ඇති බවත් පොලිසිය සඳහන් කරයි

මේ අතර තුරේ හාලිඇල බෝගහමඩිත්ත ශ්‍රී  ජේතවනාරාම විහාරස්ථානයේ  වා කවුළුවකින් විහාරස්ථානයේ  විහාරගෙට ඇතුලු වී ඇති සොරුන් එහි පිංකැටය කඩා මුදල් රුපියල් 5000ක් පමණ සොරාගෙන ගොස් ඇතැයි පොලිසිය සදහන් කළේය .

එම පිංකැටය විහාරස්ථානයේ  චෛත්‍යය ආසන්නයේ දමා ගොස් තිබියදී සොයාගත් බවද පොලිසිය  පැවසීය .

එකම  දින රාත්‍රි කාලයේ සිදු වූ මෙම සොරකම්  සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැතැයි පොලිසිය පවසයි .

 

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT