Saturday, May 10, 2025
Home » රජීව් ගාන්ධි ඝාතනයේ වරදකරු ඉන්දියාවේ දී මිය යයි

රජීව් ගාන්ධි ඝාතනයේ වරදකරු ඉන්දියාවේ දී මිය යයි

by yasara
February 28, 2024 10:50 am 0 comment

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතන සිද්ධියට වරදකරුවකු වී පසුව නිදහස ලැබු යාපනයේ ශාන්තන් නැමැත්තා ඉන්දියාවේදී ජීවිතක්ෂයට පත්ව තිබෙයි

ඔහු අද අළුයම ඉන්දියාවේ රජිව් ගාන්ධි රෝහලේදී මියගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

රජීව් ගාන්ධි ඝාතන නඩුව සම්බන්ධයෙන් වසර ගණනාවක් සිරගතව සිටි ශාන්තන් වසර 32කට පසු සිය මව බැලීමට දිවයිනට පැමිණීමට නියමිතව තිබුණි

කෙසේ වෙතත් ශාන්තන්ට හදිසියේ වැළදුණු අක්මා රෝගයක් හේතුවෙන් ඔහුව රෝහල් ගතකර ඇත.

ශාන්තන්ගේ මව ඔහුව බැලීමට අවශ්‍ය බව සඳහන් කරමින් ඉන්දීය රජයට අභියාචනයක් ඉදිරිපත් කර තිබුණී

එම අභියාචනය සැලකිල්ලට ගැනීමෙන් පසු ඉන්දීය රජය විසින් ශාන්තන්ට ශ්‍රී ලංකාවට පැමිණීම සදහා අවසර ලබාදුන් බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි

ඒ අනුව ඉන්දීය රජයේ අනුමැතිය මත චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් ශාන්තන්ට විදෙස් ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබු අතර ඒ අතර කාලවකවානුව තුළදීයි ශාන්තන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙයි

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT