Saturday, May 10, 2025
Home » පාසල් ළමුන්ගේ එළිමහනේ ක්‍රියාකාරකම් වළකාලමින් නිවේදනයක්

පාසල් ළමුන්ගේ එළිමහනේ ක්‍රියාකාරකම් වළකාලමින් නිවේදනයක්

by yasara
February 28, 2024 12:26 pm 0 comment

මේ දිනවල පරිසරයේ පවතින අධික උෂ්ණත්ව තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බවට ලැබී ඇති තොරතුරු අනුව, අද හෙට සහ අනිද්දා දින තුළ (පෙබ. 28, 29 සහ මාර්තු 01) දිවයිනේ කිසිදු පාසලක සිසු දරුවන් ඉහළ උෂ්ණත්ව ඇති අවස්ථාවන්හි එළිමහන් ක්‍රීඩා පුහුණු කටයුතු හෝ ක්‍රීඩා උත්සව හෝ වෙනත් බාහිර ක්‍රියාකාරකමකට හෝ යෙදවීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් වෙත උපදෙස් ලබා දී තිබේ.

සියලු ම පාසල් වල විදුහල්පතිවරුන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම පිණිස අදාළ උපදෙස් මේ වන විටත් පළාත් සහ කලාප අධ්‍යාපන බලධාරීන් වෙත යොමු කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව පාසල් වෙත නිකුත් කර ඇති උපදෙස් මාලාව අනුව ඉදිරියේ දී ද කටයුතු කරන ලෙස ද අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT