Saturday, May 10, 2025
Home » ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කථානායක හමුවෙයි

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කථානායක හමුවෙයි

by yasara
February 28, 2024 2:21 pm 0 comment

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට් (Siri Walt) මහත්මිය පසුගියදා පාර්ලිමේන්තුවේදී කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා ද සහභාගී විය.

මෙහිදී පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබදව ආචාර්ය සිරි වෝල්ට් (Siri Walt) මහත්මියට කථානායක වරයා පැහැදිලි කරන ලදී .

ශ්‍රී ලංකාව තුල පවතින සංහිඳියාව පිළිබඳව ද මෙහිදී සාකච්ජා විය. ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකාව තුළ යහපත් සංහිඳියාවක් ගොඩනැගී ඇති බව පෙන්වා දුන් කථානායකවරයා එය තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරමින් සිටින බව පැවසුවේය.

ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළද ප්‍රතිසංධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවක්ද ස්ථාපිත කොට ඇති බව පෙන්වා දුන්නේය.

මෙරට පැවැත්වීමට නියමිත ඉදිරි මැතිරවරණ සම්බන්ධයෙන් මෙහිදී ආචාර්ය සිරි වෝල්ට් (Siri Walt) මහත්මිය කථානායකවරයාගෙන් විමසීමක් කාලය.

ඒ අනුව ජනාධිපතිවරණය නෛතිකවම දක්වා ඇති පරිදි නියමිත ආකාරයට පැවැත්වෙන බවත් මහ මැතිවරණයද ලබන වසරේ අදාළ කාල සිමාවේ පැවැත්වෙනු ඇති බවත් කථානායකවරයා සඳහන් කළේය.

පසුගිය කාලයේදී ආර්ථිකමය වශයෙන් අයහපත් වාතාවරණයක සිටි ශ්‍රී ලංකාවට ඉන් මිදීම සඳහා ලබාදෙන සහ‍ාය පිළිබඳව සිය ස්තූතිය පළකල කථානායකවරයා ඉදිරියේදී ද එම සහාය ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහනට එක් වීම තුළින් ශ්‍රී ලංකාව වඩාත් යහපත් මාවතකට අවතීර්ණ වී ඇති බව පෙන්වා දුන් ආචාර්ය සිරි වෝල්ට් මහත්මිය ඒ ඔස්සේ යමින් මෙරට ආර්ථික ,අධ්‍යාපන, සංචාරක ක්‍ෂේත්‍රයේ මෙන්ම යටිතල පහසුකම් වල වර්ධනයක් හා දියුණුවක් ලබා ඇති බව පැවසුවාය .

ඒ අනුව ඉදිරියේදී ද තම සහාය ශ්‍රී ලංකාවට ලබාදෙන දෙන බව ආචාර්ය සිරි වෝල්ට් (Siri Walt) මහත්මිය කථානායකවරයා හමුවේ පැවසුවාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT