Home » IMF තුන්වන වාරිකය ගැන සුබ පණිවිඩයක්

IMF තුන්වන වාරිකය ගැන සුබ පණිවිඩයක්

by yasara
February 28, 2024 4:51 pm 0 comment

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් මාර්තු මාසයේ 07 වනදා සිට IMF 3 වන වාරිකයට අදාළ දෙවන සමාලෝචනය ආරම්භ කරනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

 

අමාත්‍යවරයා මේ බව  ප්‍රකාශ කර සිටියේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

 

එහිදී IMF නියෝජිතයින් සති දෙකකට ආසන්න කාලයක් දෙවන සමාලෝචනය සිදුකරනු ඇතැයි විශ්වාස කරන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 

එහිදී දෙසැම්බර් මස 31 වනදා දක්වා රජයේ මූල්‍ය තත්ත්වය සහ අනෙකුත් එකඟතා සම්පූර්ණ කිරීම පිළිබඳව සමාලෝචනය කරනු ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

 

මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ දෙවන සමාලෝචනය අවසන්වීමෙන් පසුවන කාර්යමණ්ඩල එකඟතාවයට පැමිණි පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන වාරිකය හිමිවනු ඇති බවට විශ්වාසය පළකරන බවය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT