Home » පුත්තලම දුම්රිය අතරමග නතර කළ ජනතා විරෝධයක්

පුත්තලම දුම්රිය අතරමග නතර කළ ජනතා විරෝධයක්

by yasara
February 28, 2024 9:39 pm 0 comment

මුන්දලම පුලිච්චාකුලම දුම්රිය හරස් මාර්ගයෙදී යතුරු පැදියක ගමන් ගනිමින් සිටි තරුණයකු දුම්රියෙ ගැටිමෙන් මරණයට පත් විමේ සිද්ධිය මුල් කර ගනිමින් ඇතිවු සිද්ධියෙන් පසු 500 කට අධික පිරිසක් දුම්රිය ගමන නවතාලමින් පැවති විරෝධය හේතුවෙන් අද (28) සවස දුම්රීය ගමන පැයකට ආසන්න කාලයක් නැවති ගිය බව මුන්දලම පොලිසිය කියයි.

මෙම පුලිච්චාකුලම අනාරක්ෂීත දුම්රීය හරස් මාර්ගයෙදී යතුරු පැදිය අනාරක්ෂීත අයුරින් ධාවනය කරමින් සිටි එම ප්‍රදේශයෙම තරුණයකු වන අස්වර් මොහොමඩ් අස්ලාන් නැමති 19 හැවිරිදි තරුණයකු එම ස්ථානයෙදීම මරණයට පත්වු බව මුන්දලම පොලිසිය කියයි.

කොළඹ කොටුවේ සිට දහවල් 11.55 ට පුත්තලම බලා එමින් සිටි අංක 8417 දරණ දුම්රීයෙ සවස 3.30 ට පමන පුලිච්චාකුලම අනාරක්ෂීත දුම්රිය හරස් මාර්ගයෙදී යතුරු පැදියෙන් පුලිච්චාකුලම නගරයට පැමිණේමින් සිටි තරුණයකු ගැටි තිබු අතර අනතුරීන් තරුණයා මිටර් 100 කට අධික දුරක් ඇදි ගොස් එම ස්ථානයෙදීම මරණයට පත්ව තිබු බව පොලිසිය කියයි.

පුලිච්චාකුලම අනාරක්ෂීත දුම්රිය හරස් මාර්ගයෙ තරුණය බිලි වු මෙම දුම්රීයටම පසුගිය 19 දින ආරච්චිකට්ටුව මයියාව දුම්රිය හරස් මාර්ගයෙදී මවක් හා දරු දෙදෙනා ගැටි එම ස්ථානයෙදීම මරණයට පත්ව තිබුණි අනතුරින් පසු අදලා දුම්රීය නැවත පුත්තලම බලා ගමන් කර තිබු අතර පුත්තලමේ සිට කාර්යාල සේවකයින් රැගෙන කොළඹ බලා ගමන් ගනිමින් සිටියදී තරුණයා අනතුරට ලක්වු ස්ථානයෙදීම දුම්රීය මාර්ගය හරස් කරමින් මෙසේ 500 කට ආසන්න පිරිසක් දුම්රීය මාර්ගය වසා විරෝධතාවයක නිරත විමත් සමග දුම්රීය නවතා දැමිමට රියදුරු කටයුතු කර තිබුණි.

මෙම විරෝධතාවය පැයකට ආසන්න කාලයක් පැවතිමත් සමග එම ස්ථානය ඒ වන විටත් පැමිණි මුන්දලම පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අසිත ලක්රුවන් මහතා හා නිළධාරීන් පිරිස විරෝධතාකරුවන් සමග සාකච්ජාවක නිරත වෙමින් දුම්රිය මාර්ගය නිදහස් කර ගැනිම උත්සහ ගෙන තිබුනත් ඒ සදහා විරෝධතා කරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට නොහැකි වි තිබුණි.

පසුව මෙම තත්වය දුම්රීය දෙපාර්තුමේන්තුවේ ඉහල නිළධාරීන් දුරකථනයෙන් සම්බන්ධ කර ගත් මුන්දලම පොලිස්ථානාධිපතිවරයා දුම්රිය බලධාරීන් ලබා දුන් පොරෝන්දුව වු මේ වන විට අක්‍රියව ඇති දුරකථන සංඥා යතා තත්වයට පත් කරන තුරු ආරක්ෂිත උණ බම්බු ගෙට්ටු සමග මුරකරුවන් යෙදවිමට තොරතුර දන්වන්නට විය.

පොලිස්ථානාධිපතිවරයා ලබා දුන් පොරෝන්දුව මත විරෝධතාකරුවන් එම ස්ථානයෙන් ඉවත්ව යාම සිදුවිනි.ඉන් පසුව විරෝධතාකරුවන් විසින් මග අහුරමින් නවතා තිබු අංක 8417 දුම්රීය කොළඹ බලා ගමන් ආරම්භ කිරීම සිදුව තිබුණි. අනතුරීන් මරණයට පත්වු තරුණයාගේ සිරුර මුන්දලම රෝහලට රැගෙන යාමෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණය පුත්තලම මූලික රෝහල වෙත රැගෙන යාමට කටයුතු කර තිබුණි.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT