Sunday, May 11, 2025
Home » UCMAS වැල්ලවත්ත ශාඛාව ගණිත හැකියාවෙන් ජාත්‍යන්තරය දිනූ තම ජයග්‍රාහකයින් අගයයි

UCMAS වැල්ලවත්ත ශාඛාව ගණිත හැකියාවෙන් ජාත්‍යන්තරය දිනූ තම ජයග්‍රාහකයින් අගයයි

by sachintha
February 28, 2024 1:45 am 0 comment

UCMAS යනු වයස අවුරුදු 4 සිට 13 දක්වා ළමුන් සඳහා විද්‍යාත්මකව ඔප්පු කරන ලද abacus පදනම් වූ ජාත්‍යන්තර බුද්ධි සංවර්ධන වැඩසටහනකි.

ගණිතමය ඥානය විශ්මිත ලෙස වැඩිදියුණු කරන ගැටලු විසඳීමේ සුවිශේෂී ක්‍රම ඉගැන්වෙන ළමා කුසලතා විශ්මිත ලෙස සංවර්ධනය කරන ජාත්‍යන්තරව පිළිගත් අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වාදෙන UCMAS ආයතනය පසුගියදා සිංගප්පූරුවෙහි පැවති අන්තර් ජාතික තරගාවලියකට ශ්‍රී ලාංකීය සිසු සිසුවියන්ද සහභාගිවිය. ඒ අතරින් අන්තර්ජාතිකව තරග කරමින් වෙගවත්ව ගැටලු විසඳු වැල්ලවත්ත ශාඛාව නියෝජනයකළ සිසු සිසුවියන් 09 දෙනෙකු. මෙම උත්සවයේදී ඇගැයීමට ලක්කෙරිනි. ඔවුන්ගේ නම් මෙසේයි. ප්‍රනීතා දිව්‍යා දේවදාස්, දේවදාස් ප්‍රතීෂ්, ෆාතිමා ෂස්මා ෂෆ්රාන්,ප්‍රියන්ත් සාශීවන්, තන්ෂිකා කමලදාසන්, මොහොමඩ් ෆයාස් ,අහිෆ් අම්හාර

ඩබ්ලිව්. ඒ. දුලන්යා, අග්‍රසාරි විජේසිංහ

ප්‍රියන්ත් අරියන්ස්, ආරාධ්‍යා අශෝකුමාර් යන අයයි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් වූයේ විශේෂඥ වෛද්‍යය මහත්මිය සහ කොළඹ හින්දු කාන්තා විද්‍යාලයේ විදුහල්පති අරුන්දතී රාජවිජයන් මහත්මියයි.

⁣උත්සව සභාව අමතමින් ⁣ ප්‍රධාන ආරාධිත දේශනය පැවැත්වූ වෛද්‍ය අනෝමා විජේසිංහ ප්‍රියන්ත් මහත්මිය පැවසුවේ විභාග සඳහා දුවන තරගකාරී අධ්‍යාපන රටාව බිඳිමින් මොළයේ හා බුද්ධියේ හැකියාවන් මතුකරන මෙවැනි සුවිශේෂී බුද්ධි වර්ධන ක්‍රම භාවිත කිරීමෙන් පුද්ගලයා සතු සහජ බුද්ධි ප්‍රතිභාව විකසිත කරගැනීමට අවස්ථාවක් උදාවෙන බවයි.

උත්සව සභාව අමතමින්. ප්‍රධාන ආරාධිතයාවූ විදුහල්පතිනී රාජවිජයන් මහත්මිය පැවසුවේ”

2023 ජාත්‍යන්තර තරගාවලියේ UCMAS වැල්ලවත්ත මධ්‍යස්ථානයේ ජයග්‍රාහකයින්ගේ ජයග්‍රහණ සමරන මෙම සුවිශේෂී අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඔබ ඉදිරියේ පෙනී සිටීමට ලැබීම මට සැබවින්ම ගෞරවයක්. පාසලක විදුහල්පතිවරයා වශයෙන්, මම කැපවීම සහ වෙහෙස මහන්සිය දැකීමට ලැබීමෙන් ඉමහත් සතුටක්.

UCMAS වැඩසටහන ගණිතමය හැකියාවන් පෝෂණය කරනවා පමණක් නොව අවධානය, විනය සහ නොපසුබට උත්සාහය වැනි වටිනා ජීවන කුසලතා ද ඇති කරයි. අද, අපට සිදුව ඇත්තේ ලකුණු සහ ශ්‍රේණිගත කිරීම්වලට කොටුවී අධ්‍යාපන කටයුතු මෙහෙය වීමටයි. නමුත් මේ නව අධ්‍යාපන ක්‍රම ශිල්ප හේතුවෙන් ප්‍රදර්ශනය කර ඇති. ඉහළ ඉගෙනීමේ හැකියාව බුද්ධි වර්ධනය හා දරුවන්තුළ ගොඩනඟා ඇති ස්ථීරභාවය වැනි කුසලතා හා හැකියාවන් පිළිබඳව ප්‍රශංසා කරමු.” යනුවෙනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT