Home » පවුම් මිලියන 190ක ඉඩම් වංචාවකට ඉම්රාන්ට බිරියට අධිචෝදනා

පවුම් මිලියන 190ක ඉඩම් වංචාවකට ඉම්රාන්ට බිරියට අධිචෝදනා

by sachintha
February 28, 2024 1:01 am 0 comment

අයුතු ලෙස බලය පාවිච්චි කිරීම සම්බන්ධව පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට සහ බිරිය බුෂ්රා බීබීට අධිචෝදනා ගොනු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉම්රාන් ඛාන් අගමැති ධුරයේ සිටියදී අල්ලස් වශයෙන් විශාල ඉඩමක් ලබා ගත් බවට එම චෝදනාව එල්ල වී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

තවත් නඩු ගණනාවක් හේතුවෙන් පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට බන්ධනාගාරගත වී සිටින 71 හැවිරිදි ඉම්රාන් ඛාන් සහ බිරිය මෙවර හසුවී ඇත්තේ පවුම් මිලියන 190ක දූෂණ වංචා චෝදනාවකට බව ද වාර්තා වේ.

අල් කදීර් නඩු විභාගය ලෙස හඳුන්වනු ලබන එම නඩුව පෙරේදා රාවල්පිණ්ඩි නුවර ඉම්රාන් සිරගත කර සිටින අධි ආරක්ෂිත බන්ධාගාරය තුළදී විනිසුරු නසීර් ජවේඩ් රානා ඉදිරියේ විභාගයට ගත් බවත්, ඔවුන්ට එරෙහිව ඇති චෝදනා පත්‍රය අධ්‍යයනය කිරීමෙන් පසු අධිචෝදනා භාර දීමට නියෝග කළ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඉම්රාන් සහ බිරිය ද එම අවස්ථාවේදී විනිසුරු හමුවේ පෙනී සිටි බව ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT