Sunday, May 11, 2025
Home » රතු මුහුදේ හවුති ප්‍රහාරවලින් ගෝලීය ආර්ථිකය 42% කින් බිඳ වැටිලා

රතු මුහුදේ හවුති ප්‍රහාරවලින් ගෝලීය ආර්ථිකය 42% කින් බිඳ වැටිලා

by sachintha
February 28, 2024 1:02 am 0 comment

එක්සත් ජාතීන්ගේ සංවර්ධන සම්මේලනය කියයි

රතු මුහුදේ හවුති ප්‍රහාරවලින් ගෝලීය ආර්ථිකය 42% කින් බිඳ වැටී ඇතැයි තක්සේරු කර තිබෙන බව එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධන සම්මේලනය ප්‍රකාශ කර තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ රතු මුහුදේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවලට එල්ල වන හවුති කැරලිකරුවන්ගේ මිසයිල ප්‍රහාර හේතුවෙන් ලොව පුරා රටවල් රැසකට ආර්ථික බලපෑම් එල්ල වනු ඇති බවය. රතු මුහුදේ හවුති ප්‍රහාර හේතුවෙන් නැව් ගමනාගමනය අඩාළ වීම නිසා පසුගිය වසරේ අවසන් කාර්තුවේදී පමණක් ඉන්දීය අපනයන ආදායමෙන් අමෙරිකානු ඩොලර් බිලියන 62ක පාඩුවක් සිදු වී ඇති බව ඉන්දීය අපනයන සංවිධාන සම්මේලනය ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ මේ තත්ත්වය මත ඉදිරියේදී තවත් රටවල් රැසකට එම ඉරණම අත්වනු ඇතැයි ද එම සම්මේලනය අනතුරු අඟවා ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

හවුති කැරැලිකරුවන්ගේ ප්‍රහාර මැඬ පැවැත්වීම සඳහා මේ වසරේ ආරම්භයේ සිට අමෙරිකානු නාවික හමුදාව අවම වශයෙන් ඩොලර් මිලියන 280ක් වටිනා මිසයිල නාශක භාවිත කර ඇතැයි ද, යේමනයේ හවුති කැරැලිකරුවන්ගේ ඉලක්ක වෙත මිසයිල ප්‍රහාර එල්ල කිරීම සඳහා ඩොලර් බිලියන 1.5ක පමණ මුදලක් වැය වී ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ. රතු මුහුදේ හවුති ප්‍රහාර හේතුවෙන් බ්‍රිතාන්‍යයේ අපනයනකරුවන්ගෙන් 55%කට බලපෑම් එල්ල වී ඇති අතර, මේ තත්ත්වය මැඬ පැවැත්වීමට අසමත් වන්නේ නම් මේ වසරේදි බ්‍රිතාන්‍යයේ උද්ධමනය ඉහළ යෑමේ අවදානමක් ද මතු වී ඇතැයි එංගලන්ත බැංකුව වාර්තා කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT