Home » හෙළ කිතුනු ගායනා ශෛලිය සංරක්ෂණයේ තෙවන අදියර උස්වැල්ලේදී

හෙළ කිතුනු ගායනා ශෛලිය සංරක්ෂණයේ තෙවන අදියර උස්වැල්ලේදී

by sachintha
February 28, 2024 1:00 am 0 comment

පසම් සහ ළතෝනි හෙළ කිතුනු ගායනා ශෛලිය සංරක්ෂණය කර අනාගත පරපුර වෙත පවරා දීමේ වැඩසටහනේ තෙවන අදියර ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ පසම් සංරක්ෂණ කමිටුවෙන් මග්ගොන, උස්වැල්ල ප්‍රදේශයේදී පසුගියදා (23) බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

පසම් සංරක්ෂණ කමිටුවේ අනුශාසක ලාල් පුෂ්පදේව ප්‍රනාන්දු පියතුමාගේ අධ්‍යක්ෂණය යටතේ මේ කාර්යය සිදු කළ අතර, කළුතර ප්‍රදේශය ආශ්‍රිතව ශේෂ වී ඇති පසම් 60ක ගායනා රූගත කිරීම මෙහිදී සිදු කෙරිණි.

මේ සඳහා කළුතර ප්‍රදේශයේ කලමුල්ල, කටුකුරුන්ද , මග්ගොන, මුංහේන, මහා පයාගල, කුඩා පයාගල, දියලගොඩ, වාද්දුව සහ ගාල්ල නියෝජනය කරමින් පසම් ගායනා කණ්ඩායම් 9ක් සහභාගි වූහ.

වර්තමාන සමාජයෙන් කෙමෙන් වියැකී යන මෙරට පමණක් ශේෂ වී පවතින පසම් සහ ළතෝනි කිතුනු ගායනා විශේෂය සංරක්ෂණය කර ඉදිරි පරපුරට දායාද කිරීමේ අරමුණින් මෙය සංවිධාන කෙරිණි.

කතෝලික පූජකවරුන්, ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ චතුරි පින්තු මහත්මිය, දෙපාර්තමේන්තු නිලධාරීන්, පසම් සංරක්ෂණ කමිටු සාමාජිකයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT