Home » සවුදි අරමුදල්වලින් ගොඩනැඟු අපස්මාර රෝහලේ වැඩ බලන්න නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට

සවුදි අරමුදල්වලින් ගොඩනැඟු අපස්මාර රෝහලේ වැඩ බලන්න නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට

by sachintha
February 28, 2024 1:17 am 0 comment

සවුදි අරමුදලේ ද මූල්‍ය දායකත්වය මත ඉදිකළ අපස්මාර රෝහල සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය නිරීක්ෂණයට සංවර්ධනය සඳහා වූ සවුදි අරමුදලේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ශ්‍රී ලංකාවේ සවුදි අරාබියානු තානාපති කාලිඩ් බින් හාමඩ් අල්කටානි මහතා විසින් ඔවුන් පිළිගෙන තිබෙන අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 75ක වියදමින් ක්‍රියාත්මක කරන ලද ශ්‍රී ලංකා ජනරජයේ අපස්මාර රෝහල සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වයේ ඇගයීමක් කිරීම සඳහා එම අරමුදලේ නියෝජිත කණ්ඩායමක් මෙරටට පැමිණි බව ශ්‍රී ලංකාවේ සවුදි අරාබියානු තානාපති කාර්යාලය පවසයි.

මේ ව්‍යාපෘතිය සංවර්ධනයට සවුදි අරමුදල ඩොලර් මිලියන 32ක දායකත්වයක් ලබාදී තිබෙන අතර මේ ව්‍යාපෘතිය 2017 දෙසැම්බර් මස විවෘත කරන ලද බව ද රෝහල් සංකීර්ණයේ ඇඳන් 242ක ධාරිතාවකින් යුත් මහල් 8කින් අපස්මාර රෝහල සමන්විත වන බව ද තානාපති කාර්යාලය සඳහන් කරයි. මේ ව්‍යාපෘතිය මගින් කොළඹ ජාතික රෝහලේ වැඩිවන සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලන අතර මොළයේ විද්‍යුත් ශක්තිය වැඩිවීම නිසා ඇතිවන අපස්මාරය සහ වලිප්පුවට ප්‍රතිකාර සේවාවන් ද ලබාදෙයි.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT