මෙරට ජීවත්වන සියලු ශ්‍රී ලාංකිකයන් සවිබල ගැන්වීමේ සහ ගෝලීය සහජීවනයක් ඇති කිරීමේ අරමුණින් ජාත්‍යන්තර මානව හිමිකම් ගෝලීය මෙහෙයුම ආරම්භ කළ බව අධ්‍යක්ෂිකා නිමාලි මුල්ලේගම මහත්මිය ප්‍රකාශ කළාය. ජාත්‍යන්තර මානව හිමිකම් ගෝලීය මෙහෙයුමේ තුන්වැනි වැඩසටහන පසුගියදා (22) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති අවස්ථාවට එක්වෙමින් මුල්ලේගම මහත්මිය එසේ පැවැසුවාය.
එහිදී වැඩිදුරටත් මෙසේ ද පැවැසුවාය.
“අපගේ අරමුණ අපේ රටේ සාමය වැඩිදියුණු කිරීමයි. ප්‍රජාව සවිබල ගැන්වීමයි. ඒ වගේම මානව හිමිකම් ආරක්ෂා කිරීමට පිහිටුවා ඇති ව්‍යවස්ථාපිත ආයතනවල ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීමයි. අප වඩාත් සුහදශීලී සහ සාධාරණ සමාජයක් ඇති කිරීමට අඩිතාලම දමා තිබෙනවා. මෙහිදී සමාජය දැනුම්වත් කිරීමට අවශ්‍යයි.
මෙහිදී අපි ඵලදායී සම්මන්ත්‍රණ, වැඩමුළු සහ අභිප්‍රේරණ වැඩසටහන් සංවිධානය කරනවා. සිවිල් නීති ආරක්ෂා කර ගැනීමට පමණක් නොව ඒ සඳහා පිහිටුවා ඇති ආයතන ශක්තිමත් කිරීමටත් අපි කටයුතු කරනවා.
අපේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්,සමාජ සේවකයන්, විවිධ ක්ෂේත්‍රවල ජයග්‍රහණ ලැබූවන්, සමාජයට වටිනාකමක් දුන් තරුණ ව්‍යවසායකයන් අප සමඟ අත්වැල් බැඳගෙන සිටිනවා. ඔවුන්ට අපි ගරු කරනවා. අපගේ අරමුණ වන්නේ අධ්‍යාපනයේ, සෞඛ්‍යයේ, කලාවේ, ක්‍රීඩාවේ, සංස්කෘතික, ආගමික හා විවිධ ක්ෂේත්‍රවල දියුණුවට ආධාර සැපයීමයි. අපගේ ඉලක්කය වන්නේ සියලු සංස්කෘති, ආගම්, මානව සම්පත් සංවර්ධනයට සහාය දීමයි. ආපදා කාලවලදී අප එසේ කටයුතු කළා. පිරිසුදු ජලය, සනීපාරක්ෂාව, පෝෂ්‍යදායී ආහාර, පරිසර හිතකාමී ව්‍යාපෘති ඇතුළු වැඩසටහන් අප ක්‍රියාත්මක කළා.
මානුෂීය ආධාර ලබාදීමට අප කටයුතු කරනවා. විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට, ආබාධ සහිත පුද්ගලයන්ට, වැඩිහිටි සහ ළමයින් සඳහා නිවාස පිහිටුවීම තිරසාර ලෙස කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
මේ තුළින් සමාජයේ මානව හිමිකම් ආරක්ෂා කරන, සවිබලගැන්වූ ජන සමාජයක් බිහි කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.”
සර්වාගමික නායකයන්, ජාත්‍යන්තර මානව හිමිකම් ගෝලීය මෙහෙයුමේ ශ්‍රී ලාංකික නිර්මාතෘ ඒ. ආර්. එම්. අමීන්, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ පුත් චමීර යාපා අබේවර්ධන, සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක, මාලදිවයිනේ ශ්‍රී ලංකා තානාපති, ආර්ථික සංස්කෘතික ආගමික ක්ෂේත්‍රවල ප්‍රවීණයන් ඇතුළු සම්භාවනීය අමුත්තෝ විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
ජයසිරි මුණසිංහ