Wednesday, May 14, 2025
Home » සහෘද වියමන ව්‍යාපෘතියේ හතරවැනි අදියරට වැලිකඩදී කාන්තා රැඳවූවන් 500කට වැඩි පිරිසක්

සහෘද වියමන ව්‍යාපෘතියේ හතරවැනි අදියරට වැලිකඩදී කාන්තා රැඳවූවන් 500කට වැඩි පිරිසක්

by sachintha
February 28, 2024 1:19 am 0 comment

කොළඹ විශ්වවිද්‍යාලයීය ලියෝ සමාජය විසින් සංවිධාන කරන සහෘද වියමන ව්‍යාපෘතියේ හතරවැනි අදියර ඉකුත්දා (25) කාන්තා රැඳවූවන් 500කට අධික පිරිසක් සහභාගී කරගෙන වැලිකඩ බන්ධනාගාරයේදී පැවැත්විණි. සහෘද වියමන වැඩසටහන අදියර හයකින් යුතු ව්‍යාපෘතියක් වන අතර එය සංගීතයෙන් මිනිස් සිත් සුවපත් කිරීම තේමා කරගෙන සංවිධාන කරයි.

වැඩසටහන මෙහෙයවීම කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රියන්වදා වනිගසූරිය මහත්මිය සහ මාධ්‍යවේදී නිහාල් ජයවීර මහතාගේ දායකත්වයෙන් සිදු විය. වැඩසටහන පුරා හෝරා දෙකක කාලයක් පැවැත්වුණු අතර කාන්තා සිරකරුවන්ගේ ඇස් කඳුලින් බර කරමින් ඔවුන් ඉතා සංවේදී සිත් ඇති අය බව වැඩසටහන අතර පෙන්නුම් කෙරිණි.

මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ ප්‍රධාන ජේලර් දිස්නා කාරියවසම් මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය දායක වුණු අතර කොළඹ විශ්ව විද්‍යාලයේ ලියෝ සමාජයේ සමාජික සාමාජිකාවන් හා බන්ධනාගාර කාර්ය මණ්ඩලය එක් විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT