Home » නාරංගොඩපාළුව රාහුල ප්‍රාථමිකයට නව විදුහල්පතිනියක්

නාරංගොඩපාළුව රාහුල ප්‍රාථමිකයට නව විදුහල්පතිනියක්

by sachintha
February 28, 2024 1:00 am 0 comment

කලාපයේ කැපී පෙනෙන පාසලක් වන බප/ මීග රාහුල ප්‍රාථමික විදුහලේ මාස පහක් පුරා පුරප්පාඩුව පැවති විදුහල්පති ධුරයට අභිනවයෙන් පත්ව ආ එම්. ගීතා පියසීලි මහත්මිය ඊයේ (27) වැඩ භාර ගත් අයුරු. වර්ෂ 1999දී පුත්තලමේ සංඝට්ඨිකුලම විදුහලෙන් ගුරු වෘත්තියට පිවිසි ඇය විදුහල් කිහිපයකම සේවය කිරීමෙන් අනතුරුව 2016 වසරේදී පොල්පිටිමූකලාන සිරිවර්ධන විදුහලේ විදුහල්පතිනිය ලෙස පත්වීම් ලැබූ අතර, 2017දී බටුවත්ත මහ විදුහලේ නියෝජ්‍ය විදුහල්පති ධුරයට පත් වූවාය. 2019 වසරේ සිට මේ දක්වා සේවය කළ අම්බලන්මුල්ල ශ්‍රී ජෝතිරතන කනිෂ්ට ද්විතීය විද්‍යාලයයේ සාමාන්‍ය පෙළ සමත් වීමේ ප්‍රතිශතය 73.2%ක් දක්වා ඉහළ මට්ටමකට ගෙන එමින් එම පාසලට ජයග්‍රහණ රැසක් අත් කර දීමට ඇය සමත් වූවාය.

ජයත් පියදසුන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT