71
ගාල්ල, නාගොඩ, කැප්පිටියාගොඩ ‘සිත්ජය’ සුබසාධක පදනම විසින් තම ග්‍රාමයේ දූදරුවන්ට මත් උවදුර පිළිබඳ දැනුවත්භාවය දීමේ අරමුණින් ‘නොයා යුතු තැන’ නමින් වැඩසටහනක් ගාල්ල නාගොඩ රාජකීය ජාතික පාසලේදී පසුගියදා සංවිධානය කර තිබිණි. මේ වැඩසටහනට පාසල් දරු දැරියන් 400ක් පමණ සහභාගි වූ අතර, මෙහිදී විශේෂ දේශනයක් පැවැත්වූ බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) ජගත් චන්දන වීරසිංහ මහතාට ස්තුතිය පළ කරමින් කැප්පිටියාගොඩ සිත්ජය සුබසාධක පදනම විසින් සමරු සිහිවටනයක් ප්‍රදානය කළ අවස්ථාව සේයාරුවේ දැක්වේ.