ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වී ඇති මන්ත්‍රීධූරය සඳහා එම දිස්ත්‍රික්කයේ එස්.සී මුතුකුමාරණ මහතා දිවුරුම් දීමට නියමිතව තිබේ. පසුගිය 2020 වසරේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ඔහු මනාප මනාප 39,895ක් ලබාගත් නමුත් පාර්ලිමේන්තුවට තේරී පත්නොවීය. එස්.සී. මුතුකුමාරණ මහතා මීට පෙර 2010 වසරේ සිට 2020 දක්වා අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය. අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරීපත්වූ මන්ත්‍රීවරුන්ගේ ගණන 07කි. මුතුකුමාරණ මහතා මනාප ලැයිස්තුවේ රැඳී සිටියේ 08 වෙනි තැනය.
මහින්ද අලුත්ගෙදර
176
කලින් පුවත