මාස හයකට පමණ පසුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් ගෝවා මාලු මිරිස් ලීක්ස් ඇතුළු එළවළුවල මිල වාර්තාගත ලෙස ඊයේ(27) දින වන විට අඩු වී තිබේ. පසුගිය දිනවල රුපියල් දෙදහසකට ආසන්න අගයක් ගත් කැරට් කිලෝවක තොග මිල ඊයේ වන විට රුපියල් 300 ක්ද ලීක්ස් මිල 190ක්ද ගෝවා කිලෝවක තොග මිල 300ක්ද බෝචි කිලෝවක් රුපියල් 420ක් ලෙසද සටහන් වීම විශේෂත්වයක් බව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන සඳහන් කරයි. රතුලූනු කිලෝවක් රුපියල් 230ක් ලෙසත් සුදු ලුනු කිලෝව රුපියල් 530ක් ලෙසත් එහි සටහන්ව ඇති අතර මල් ගෝවා කිලෝවක් රුපියල් 350 අගයක්ද බෝංචි කිලෝවක් රුපියල් 420ක් වැනි මුදලකට අලෙවි වී තිබේ.
පිපිඤ්ඤා කිලොවක තොග මිල රුපියල් 40ක් ලෙසත් දෙහි කිලෝවක් රුපියල් 100ක් ලෙසද රාබු කිලෝවක් රුපියල් 50ක් ලෙසද එහි සඳහන් වී ඇති අතර වම්බටු කිලෝවක තොග මිල රුපියල් 100ක් ලෙසත් අනෙකුත් එළවලු වර්ග රුපියල් 230ත් රුපියල් 700ක් අතර අලෙවි වී ඇති අතර තිබ්බටු කිලෝවක රුපියල් 700ක් ලෙස වැඩිම මිල සටහන්ව ඇත.
සුභාෂිණී සේනානායක