180
වසර 2022 දී රුපියල් බිලියන 743ක් පාඩු ලැබූ රාජ්‍ය ආයතන 52ක් 2023 වසරේ මුල් මාස 9 තුළ රුපියල් බිලියන 313ක ලාභයක් අත්කරගෙන ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කියයි. රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ ඊයේ (27) පැවැති අස්වැසුම පිළිබඳ වැඩමුළුවකට එක්වෙමිනි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, විදුලිබල මණ්ඩලය වැනි ආයතන ද වන බවයි. ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ පිරිවැයට සරිලන මිලක් නියම කිරීම සඳහා රජය ගත් පියවර ද මෙම ලාභ ලැබීම සඳහා හේතු වී ඇති බවයි.
ජයසිරි මුණසිංහ