ගෝලීය ආරක්ෂාව සහ සැපයුම් දාමයේ ඔරොත්තු දීමේ හැකියාව කෙරෙහි කලාපයේ බලපෑම අවධාරණය කරන ඉන්දියානු සාගර ආරක්ෂක සමුළුවේ තුන්වන අදියර කොළඹ දී අද (28) ආරම්භ කිරීමට නියමිතය. පාත්ෆයින්ඩර් පදනම සංවිධානය කරන ඉන්දියානු සාගර ආරක්ෂක සමුළුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර එහි ප්‍රධාන ආරාධිත දේශනය පවත්වනු ලබන්නේද ජනපති රනිල් වික්‍රමසිංහ මහතාය. ගෝලීය ආරක්ෂාව සහ සැපයුම් දාමයේ ඔරොත්තු දීමේ හැකියාව කෙරෙහි කලාපයේ බලපෑම අවධාරණය කරමින්, ඉන්දියානු සාගරයේ වැදගත්කම සලකා බලන මෙම සමුළුව දින දෙකක් පැවැත්වෙන අතර රටවල් ගණනාවකින් නියෝජිතයන් සහභාගී වන බව පාත්ෆයින්ඩර් පදනම ප්‍රකාශ කරයි. අමෙරිකාව සහ ජපානය යන රටවල තානාපති කාර්යාල සමුළුවට සමඅනුග්‍රහය දක්වන අතර ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපතිනී සහ අග්නිදිග සහ නිරිතදිග ආසියානු කටයුතු පිළිබඳ ජපානයේ නියෝජ්‍ය සහකාර අමාත්‍ය හයාෂි මාකෝටෝ මහත්මීහු ආරම්භක අවස්ථාවට සහභාගී වෙති.
මහින්ද අලුත්ගෙදර
159